25 C
Colombo
Saturday, January 18, 2025

දේශපාලන සිරකරුවන් දැන්වත් නිදහස් කළ යුතුයි

- Advertisement -

පැරැණි ප්‍රශස්ති පසෙක තබා දෙමළ දේශපාලන සිරකරුවන්ව වත්මන් ආණ්ඩුව නිදහස් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා පවසනවා.

දේශපාලන සිරකරුවන් යැයි පිරිසක් බන්ධනාගාරවල නැති බවට අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් සිදු කළ බව කියන ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබුණා.

ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට විරුද්ධව සටන් කළ ඔවුන්ගේ සහෝදරයන්ව සිරගත කළ අවස්ථාවේ ඔවුන්ව හැඳින්වූයේ දේශපාලන සිරකරුවන් වශයෙන් නමුත් යුද්ධය හේතුවෙන් අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතකර සිටින දෙමළ සිරකරුවන්ව දේශපාලන සිරකරුවන් වශයෙන් හැඳින්වීම ඔවුන් ප්‍රතික්ෂේප කරන බවටත් මනෝ ගනේෂන් මහතා චෝදනා කරනවා.

“දේශපාලන සිරකරුවන් යැයි කණ්ඩායමක් නැති බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළා. මොහු හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ සහෝදරයාගේ පුතා. එවක ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට විරුද්ධව සටන් කළ ඔවුන්ගේ සහෝදරයන්ව සිරගත කළ අවස්ථාවේ ඔවුන්ව හැඳින්වූයේ දේශපාලන සිරකරුවන් වශයෙන්. නමුත් යුද්ධය හේතුවෙන් අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතකර සිටින දෙමළ සිරකරුවන්ව දේශපාලන සිරකරුවන් වශයෙන් හැඳින්වීම ප්‍රතික්ෂේප කරනවා.

බන්ධනාගාරවල දේශපාලන සිරකරුවන් කියා කොටසක් නැතැයි ඇතැමුන් එදා පටන් සිදුකරන ප්‍රකාශ අසා අපට හොඳ පුරුද්දක් තිබෙනවා. විශාල පෙරළියක් සිදු කිරීමට බව පවසමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුව ඒ ප්‍රශස්ති ම ගායනා නොකළ යුතුයි. ආණ්ඩුව පාර්ශවයෙන් ඔවුන් ත්‍රස්තවාදීන් වුණාට ජනතාව පාර්ශ්වයෙන් ඔවුන් අරගලකරුවන්. පලස්තීනයේ සිට ශ්‍රී ලංකාව දක්වාම අරගල සිදුවූ රටවල තත්ත්වය මෙයට සමානයි.

අපගේ ආණ්ඩු කාලවලත් දේශපාලන සිරකරුවන් ත්‍රස්තවාදීන් යැයි හැඳින්වූ අය සිටියා. 1989දී ජනතා විමුක්ති පෙරමුණේ අරගලකරුවන්වත් එවක ආණ්ඩු ත්‍රස්තවාදීන් ලෙස හැඳින්වූවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ සටන්කාමීන්ව හැඳින්වූයේ අරගලකරුවන් වශයෙන්. එබැවින් පැරැණි ප්‍රශස්ති පසෙක තබා දෙමළ දේශපාලන සිරකරුවන්ව වත්මන් ආණ්ඩුව නිදහස් කළ යුතුයි.”

RECENT ARTICLES - SINHALA

ගිනිඅවියක් සහ පතරොම් සමග අයෙක් අත්අඩංගුවට

ටී 56 ගිනි අවියක් සහ පතරොම් කිහිපයක් කිහිපයක් සමග සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 11 වැනි දින වැල්ලම්පිටිය පොලිස් ස්ථානය මගින් පිස්තෝල අවියක්...

අපිට වී දීලා වැඩිපුර රුපියල් දෙකක් ගන්න

රජයේ ගබඩා සඳහා වී තොග ගෙනවිත් භාරදෙන ගොවීන්ට සහතික මිලට අමතරව වී කිලෝවක් සඳහා රුපියල් 2ක මුදලක් ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා...

විදුලි ආලෝක කුලුනක කොටසක් හිසට වැටී අයෙක් මරුට

කොළඹ වරායේ පිහිටි ආලෝක කුළුණක කොටසක් ඊට පහළින් සිටි පුද්ගලයෙකු හිසට වැටීමෙන් සිදුවූ අනතුරකින් එම පුද්ගලයා මියගොස් තිබෙනවා.   සිද්ධියෙන් තවත් අයෙකු තුවාල ලබා ඇති...

POPULAR ARTICLES