24 C
Colombo
Sunday, January 19, 2025

සීගිරියට ගොල්ෆ් පිටියක්

- Advertisement -

දෙස් විදෙස් සංචාරකයන්ගේ ප‍්‍රධානම සංචාරක පරාදීසයක් ලෙස සැළකෙන සීගිරිය ප‍්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ගොල්ෆ් ක්‍රීඩාංගණයක් ඉදි කර තිබෙනවා.

ඒ,මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය අරමුණු කරගනිමින්.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ගුවන් හමුදා සීගිරිය කඳවුරේ ඉදි කළ ‘ඊගල්ස් සිටඩෙල්’ (Eagles Citadel golf Course) නම් මෙම ගෝල්ෆ් ක්‍රීඩාංගණය නිල වශයෙන් විවෘත කිරීම ඊයේ (17) ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ ප්‍රධානත්වයෙන් සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ සහභාගිත්වයෙන් සිදු වී තිබෙනවා.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සතුව අන්තර්ජාතික මට්ටමේ ගෝල්ෆ් ක්‍රීඩාංගණ ත්‍රිත්වයක් ත‍්‍රීකූණාමලය, අනුරාධපුර සහ කොග්ගල යන ගුවන් හමුදා කදවුරු තුළ ඉදිකර ඇති අතර, මෙම ගෝල්ෆ් ක්‍රීඩාංගණය ගුවන් හමුදාව සතු සිව්වැනි ගෝල්ෆ් ක්‍රීඩාංගණයයි.

මෙම නව ගෝල්ෆ් ක්‍රීඩාංගණය ගෝල්ෆ් ක‍්‍රීඩාවට අවශ්‍ය සියලුම පහසුකම්වලින් සමන්විතයි.

ගෝල්ෆ් ක‍්‍රීඩාව සදහා අවශ්‍ය ක‍්‍රීඩා උපකරණ, නවාතැන් පහසුකම්,ආහාර පාන,ආදි සියලුම පහසුකම් ලබාගත හැකිවන සේ ඉදිකර ඇති මෙම ගෝල්ෆ් ක‍්‍රීඩා පිටිය, ගෝල්ෆ් ක‍්‍රීඩාව සඳහා කැමැත්තක් දක්වනු ලබන ඕනෑම පුද්ගලයකු භාවිත කිරීමේ හැකියාව සලසා දීමට අවශ්‍ය කටයුතු සලසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ප්‍රදේශ කිහිපයකට මි.මී 150 ඉක්මවූ තද වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ...

ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරයට සුදුසුම ස්ථාන 10 අතරට

0
BBC Travel මඟින් ලොකයේ සංචාරයට සුදුසුම ස්ථාන 25 අතර ශ්‍රී ලංකාව 9 වැනි තැනට පත්ව ඇති බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. බී.බී.සී. ආයතනය මෙම නවතම...

සතොස වෙළෙඳසැල් 1000ක් දක්වා වැඩි කරනවා

රට පුරා සතොස වෙළෙඳසැල් දහසක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. අනුරාධපුර, පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට පැවති...

POPULAR ARTICLES

නයිජීරියාවේ ඉන්ධන ටැංකියක් පිපිරීමෙන් 60ක් මරුට

නයිජීරියාවේ ඉන්ධන ටැංකියක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 60කට අධික පිරිසක් මේ වන විට මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම මාධ්‍ය වාර්තා කර...