26 C
Colombo
Sunday, January 19, 2025

ප්‍රදේශ කිහිපයකට මි.මී 150 ඉක්මවූ තද වැසි

- Advertisement -

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකියාව තිබෙන බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා.

උතුරු පළාතේත් මාතලේ, නුවරඑළිය, පොලොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් එහි සඳහන් වනවා.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන් ව තිබෙනවා. 

RECENT ARTICLES - SINHALA

ගල්කිස්සේ වෙඩි තැබීමක්

ගල්කිස්ස සිරිපාල මාවතේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන...

ගන්දර බස් අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළට

ගන්දර, තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (19) පෙරවරුවේ බිහිසුණු අනතුරක් සිදුව තිබුණා. පොලිසිය සඳහන් කළේ, මෙසේ අනතුරට පත්ව ඇත්තේ ඇඹිලිපිටිය -...

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වූ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව...

POPULAR ARTICLES