ගන්දර, තලල්ල ප්රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (19) පෙරවරුවේ බිහිසුණු අනතුරක් සිදුව තිබුණා.
පොලිසිය සඳහන් කළේ, මෙසේ අනතුරට පත්ව ඇත්තේ ඇඹිලිපිටිය – මාතර ධාවනය වන බස් රථයක් සහ තංගල්ල – මාතර අතර ධාවනය වන බස් රථයක් බවයි.
එම අනතුරෙන් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු 61 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, ඉන් බරපතළ තත්ත්වයේ පසුවන 06 දෙනෙකු මාතර මහ රෝහල වෙත මාරුකර යවා ඇති බවත් වාර්තා වනවා.