29 C
Colombo
Tuesday, January 21, 2025

මන්ත්‍රීලත් පාරේ යද්දි ලයිසන් එක දෙන්න ඕනද මෝඩයා

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා යළිත් වරක් කළහකාරී ලෙස හැසිරීමේ සිදුවීමක් වාර්තා වනවා.

ඒ අනුව අනුරාධපුර – රඹෑව ප්‍රදේශයේදී රථවාහන පොලීසියෙන් ඔහුව නවත්වා රියදුරු බලපත්‍රය ඉල්ලා සිටින අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ගෙ රාජකාරියට බාධා කරමින් අසභ්‍ය ලෙස ඔවුන්ට බැනවදින ආකාරයේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

එහි දැක්වෙන්නේ VIP විදුලි බල්බ දල්වාගෙන ඔහුට අයත් මෝටර් රථය ගමන් ගන්නා ආකාරයයි.

මෙහිදී ඔහු පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශේෂ පුද්ගලයින් බැවින් ඒ ආකාරයෙන් VIP විදුලි බුබුළු දල්වාගෙන යාමේ අයිතිය තමන්ට ඇති බවයි.

පොලිස් රථවාහන අංශයෙන් සිංහල මන්ත්‍රීවරුන්ව මෙලෙස මහමගදී පරික්ෂාවට ලක්කරනේදැයි ප්‍රශ්න කරන මන්ත්‍රීවරයා පවසන්නේ තමන් පාර්ලිමේන්තුව තුළ සිංහල මන්ත්‍රීවරුන්ව නොමැතිව කටයුතු කිරීමට සූදානම් බවයි.

අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා මෙහිදී පොලිස් නිලධාරීන්ට පවසන්නේ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට ගමන්ගන්නා අතරතුර ඔහුගේ රිය පරික්ෂා කිරීමේ බලයක් පොලීසියට නොමැති බවයි.


RECENT ARTICLES - SINHALA

ආපදාවෙන් පීඩාවට පත්ව ඇති පිරිස ඉහළට

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 57කට බලපෑම් එල්ලවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි...

FCID යළිත් ගේනවා – මහජන ආරක්ෂක ඇමති

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය ලබන සතියේ සිට යළි ස්ථාපනය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සතුව පවතින...

නාමල් කුමාරට අධිකරණයෙන් නියෝගයක්

ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පළ කළ බව පවසන නාමල් කුමාර ලබන 23 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස...

POPULAR ARTICLES

ආපදාවෙන් පීඩාවට පත්ව ඇති පිරිස ඉහළට

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 57කට බලපෑම් එල්ලවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි...

FCID යළිත් ගේනවා – මහජන ආරක්ෂක ඇමති

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය ලබන සතියේ සිට යළි ස්ථාපනය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සතුව පවතින...

නාසි සැලියුට් එකක් පෙන්නුවැයි ඊලෝන් මස්ක්ට චෝදනා

ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්ති උත්සවය අමතමින් ඊලෝන් මස්ක් සිදුකළ කතාවක් අතරතුර “හිට්ලර්ගේ ආචාරයට” සමාන අභිනයක් දැක්වීම හේතුවෙන් ඔහු දෝශ දර්ශනයට ලක්ව...