24 C
Colombo
Wednesday, January 22, 2025

පාසල් සිසුවෙක් විදුලිසැර වැදී ජීවිතක්ෂයට

- Advertisement -

මකුලෑව, සුදර්ශනගම ප්‍රදේශයේදී අද (21) පස්වරුවේ අසල්වැසි නිවසක තිබූ කොස් ගසක අතු කපා දැමීම සඳහා එම ගසට නැගි පාසල් සිසුවෙකු අධිබලැති විදුලිසර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අ/මකුලෑව ජාතික පාසලේ 10 වසරේ ඉගෙනුම ලැබූ ඉඳුසර විජේරත්න නම් වූ මකුලෑව, සුදර්ශනගම පදිංචි සිසුවෙක්.

දරුවන් පස් දෙනෙකුගෙන් ‍යුත් පවුලක වැඩිමල් දරුවා වූ ඔහු, මිත්තනිය හා තම සහෝදරයා සමග අසල්වැසි නිවසක ඇති විශාල කොස් ගසක අතු කපන්නට අද (21) පස්වරුවේ ගොස් තිබෙනවා.

එහිදී කපා දැමූ කොස් අත්තක් ප්‍රධාන මාර්ගයේ ඇති අධි බලැති විදුලි රැහැනක පැටලීමෙන් අනතුරුව ගස මත සිටි ඔහුට විදුලිසැර වැදී තිබෙනවා.

එම අවස්ථාවේදී ගසෙන් බිමට ඇද වැටුණු ඔහු නිවැසියන් විසින් කඩිනමින් තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කරඇති නමුත් එම අවස්ථාව වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හූරීගස්වැව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

Clean Sri Lanka නීති දාලා බලෙන් ක්‍රියාත්මක කරන්න බැහැ

clean Sri lanka වැඩසටහන, නීති යොදා බලෙන් ක්‍රියාත්මක කළ හැකි වැඩසටහනක් නොවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. Clean sri lanka වැඩසටහන පිළිබඳ පාර්ලිමේන්තුවේ දෙදින...

මහනුවර – මහියංගනය මාර්ගය ගැන දැනුම්දිමක්

අවදානම් තත්ත්වයක් හේතුවෙන් ඊයේ (21) පස්වරුවේ වසා දැමුණු මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගය යළි විවෘත කර තිබෙනවා. පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර...

අස්වැසුම යළි සමාලෝචනය කරනවා – අනුර

අස්වැසුම ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් ලබන ජුනි මාසයේ යළි සමාලෝචනයක් කරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මෙම අදහස් පල කළේ, පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ඊයේ...

POPULAR ARTICLES

Clean Sri Lanka නීති දාලා බලෙන් ක්‍රියාත්මක කරන්න බැහැ

clean Sri lanka වැඩසටහන, නීති යොදා බලෙන් ක්‍රියාත්මක කළ හැකි වැඩසටහනක් නොවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. Clean sri lanka වැඩසටහන පිළිබඳ පාර්ලිමේන්තුවේ දෙදින...

ට්‍රම්ප් වැඩ පටන් අරන්

යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමේ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා ප්‍රතික්ෂේප කළහොත් රුසියාවට එරෙහි සම්බාධක දැඩි කරන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු පැවසුවේ, රුසියානු ජනාධිපති...