24 C
Colombo
Wednesday, January 22, 2025

නැවත සහල් ආනයනය ගැන කිසිදු තීරණයක් නැහැ

- Advertisement -

යළි සහල් ආනයනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම් ජයවර්ධන මහතා සඳහන් කළේ, රට තුළ පවතින සහල් හිඟය මහ කන්නයේ අස්වනු නෙළීම ආරම්භ වීමත් සමග අවසන් වනු ඇතැයි, දැනට පුරෝකථනය කර ඇති බවයි.

මේ වන විටත් දිස්ත්‍රික්ක කිහිපයක වී අස්වනු නෙළීම ආරම්භ වී ඇති බව අමාත්‍යවරයා පෙන්වාදෙනවා.

ඔහු පවසන්නේ, එම තත්ත්වය තුළ සහල් මෝල් සතුව පැවති වී තොග වෙළඳපොළට නිකුත් කිරීමට ව්‍යාපාරිකයින් කටයුතු කරමින් ඇති බවයි.

සහල් ආනයනයට යොමු වීමෙන්, ගොවීන් බරපතල අර්බුදයකට මුහුණ දෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මහ කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 25 ක් බවද නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

දරුවෙක් විදුලිසැර වැදී මරුට

හුරීගස්වැව, සුදර්ශනාගම ප්‍රදේශයේදී දරුවෙකු විදුලිසැර වැදී මියගොස් තිබෙනවා. ඊයේ (21) සවස් කාලයේ එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසනවා. එලෙස මියගොස් ඇත්තේ, සුදර්ශනාගම, හුරීගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි...

කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියක උපදේශන සේවා කොන්ත්‍රාත්තුවට අනුමැතිය

කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ අදියර II හි බටහිර බහලුම් පර්යන්ත දිය කඩනය දීර්ඝ කිරීමේ සවිස්තරාත්මක සැලසුම මෙහෙයවීම සඳහා උපදේශක සේවාව ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව...

Clean Sri Lanka නීති දාලා බලෙන් ක්‍රියාත්මක කරන්න බැහැ

clean Sri lanka වැඩසටහන, නීති යොදා බලෙන් ක්‍රියාත්මක කළ හැකි වැඩසටහනක් නොවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. Clean sri lanka වැඩසටහන පිළිබඳ පාර්ලිමේන්තුවේ දෙදින...

POPULAR ARTICLES