26 C
Colombo
Wednesday, January 22, 2025

ජල සෞඛ්‍ය ගිවිසුමකට කැබිනට් අනුමැතිය

- Advertisement -

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ IHE-Delft Institute for Water Education මඟින් ප්‍රජා වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ඒකාබද්ධ පර්යේෂණ හා සංවර්ධන සහ ධාරිතා ගොඩනැගීමේ වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා UNESCO THE ආයතනය සමඟ 2022 වර්ෂයේදී අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබුණා.

එම අවබෝධතා ගිවිසුමේ විධිවිධාන වලට අනුකූලව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ” පාර්ශ්වකරුවන් ජල සේවා කොටස් හිමියන් බවට පරිවර්තනය කිරීම පිණිස ප්‍රජා වගකීම් කළමනාකරණය ” යන තේමාව යටතේ ජලය සහ සෞඛ්‍ය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් විස්තීරණ ව්‍යාපෘති යෝජනාවක් IHE-Delft Institute for Water Education ආයතනය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එම ආයතනය විසින් IHE-Delft ජල හා සංවර්ධන හවුල්කාරිත්ව වැඩසටහනේ 3 වන අදියර (DUPC 3) යටතේ ව්‍යාපෘති යෝජනාව හවුල්කාර සාමාජික ආයතන කිහිපයක් සමග එක්ව ක්‍රියාත්මක කිරීම පිණිස අනුමැතිය ලබා දී තිබෙන බව සඳහන්.

ඒ අනුව, හවුල්කාර සාමාජිකයින් සඳහා යුරෝ 399,819 ක උපරිම ප්‍රදාන දායකත්වයක් ලබා දීමටත්, ඉන් යුරෝ 164,236 ක මුදලක් ජල හා සංවර්ධන හවුල්කාරිත්ව වැඩසටහනේ 3 වන අදියර (DUPC3) යටතේ ශ්‍රී ලංකා රජය වෙත වෙන් කර දීමටත් එකඟතාව පළ කර තිබෙනවා.

යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අදාළ ගිවිසුම්වලට එළඹීම සඳහා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

RECENT ARTICLES - SINHALA

ලංකාවට ඩොලර් මිලියන 200ක්

ලෝක බැංකුවේ දකුණු ආසියානු උප සභාපති මාටින් රයිසර් මහතා සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය අද (22) දින නිමා කළා. සිය දින දෙකක ශ්‍රී ලංකා සංචාරය...

භාණ්ඩ කිහිපයක මිල පහළට

ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ දමා තිබෙනවා. ඒ අනුව දිවයින පුරා ඈති සියලුම ලංකා සතොස...

මාලිමා ඇමතිගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම ගැන තීරණයක්

0
ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම...

POPULAR ARTICLES

භාණ්ඩ කිහිපයක මිල පහළට

ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ දමා තිබෙනවා. ඒ අනුව දිවයින පුරා ඈති සියලුම ලංකා සතොස...

ලංකාවට ඩොලර් මිලියන 200ක්

ලෝක බැංකුවේ දකුණු ආසියානු උප සභාපති මාටින් රයිසර් මහතා සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය අද (22) දින නිමා කළා. සිය දින දෙකක ශ්‍රී ලංකා සංචාරය...

සිංහ පැටවුන් සය දෙනෙකුට නම් දෙන්න අවස්ථාවක්

හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයට අලුතෙන් එක්වූ සිංහ පැටවුන් තිදෙනෙකුට නම් තැබීමට ජනතාවට අවස්ථාව ලබා දී තිබෙනවා. උද්‍යාන කළමණාකාරීත්වය පවසන්නේ ඩෝරා සහ ලාරා යන සිංහ ධේනුවන්...