කුකුලන්ගේ කොටස් චීනයට අපනයනය කිරීම සඳහා මේ වනවිට අවසර ලබාදී ඇති බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ කුකුලන්ගේ ඔළු සහ සහ කකුල් චීනයට යැවීමට සඳහා අවසර ලබාදෙන ලෙස ව්‍යාපාරිකයන් විසින් ඉල්ලුම් කර තිබූ බවයි.
ඒ අනුව පසුගිය චීන සංචාරයේදී ඒ සඳහා අවසර ලබා ගැනීමට සමත් වූ බවත් දැන් ව්‍යාපාරිකයින්ට එම කටයුතු සිදු කළ හැකි බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් පවසා සිටියා.