23 C
Colombo
Thursday, January 23, 2025

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

- Advertisement -

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා.

ඒ 2025 අයවැය සකස් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (21) පැවති  සාකච්ඡාවේදීයි.

ඵලදායී  හා කාර්යක්ෂම ලෙස ආර්ථික ක්‍රියාවලිය මෙහෙය වීමේදී පොදු ප්‍රවාහනය විධිමත්  කිරීමේ වැදගත්කම මෙන්ම  විමධ්‍යගත මන්ත්‍රී  අරමුදල භාවිත කළ යුතු ආකාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබුණා.

පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩු මැදිහත් වන ආකාරය සහ පහසුකම් සැලසීමේ ක්‍රියාමාර්ගද මෙහිදී අවධානයට ලක්ව තිබෙනවා.

පහුගිය ආණ්ඩු, විමධ්‍යගත අරමුදලට විශාල මුදල් ප්‍රමාණ වෙන් කළද එම මුදල් ඵලදායී ව්‍යාපෘතිවලට යොදවා නොමැති බැවින් එකී අරමුදලේ ප්‍රතිපාදන ජාතික ව්‍යාපෘතිවලට යොදා ගත හැකි අයුරින් වෙන් කිරීම පිළිබඳවද, මෙහිදී සාකච්ඡා කර ඇතැයි සඳහන්.

වී මිල දී ගැනීම සඳහා සහල් නිෂ්පාදකයන්ට ලබා දෙන ණය මුදල් වසරක් ඇතුළත නැවත අය කර ගැනීම සහ එම ව්‍යාපාරිකයන් සතුව තිබෙන සහල් තොග නියාමනය කිරීම ගැනද සාකච්ඡා කර තිබෙන බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

නුවර – මහියංගන මාර්ගයේ යන අයට දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර - මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ මහනුවර - මහියංගනය මාර්ගය කහටගොල්ල...

POPULAR ARTICLES