24 C
Colombo
Friday, January 24, 2025

වැස්ස නිසා රියැදුරන්ට දැනුම්දීමක්

- Advertisement -

වර්ෂාව පවතින අවස්ථාවල කඳුකර ප්‍රදේශවල මාර්ගවල වාහන ධාවනයේදී මේ දිනවල විමසිලිමත් වන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය රියැදුරන්ට දැනුම් දෙනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, පසුගිය දිනවල ඇඳ හැලුණු වර්ෂාවත් සමග‍ කඳුකර ප්‍රදේශවල ප්‍රධාන මාර්ග ආශ්‍රිතව ගල් පෙරලීම් හා නායයෑමේ අවදානම් ඇති විය හැකි බවයි.

වසන්ත සේනාධීර මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මහනුවර- මහිංගණය මාර්ගයේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පාලම් හන්දියෙන් අද(24) උදෑසන 6.00 දක්වා තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඒ ඊයේ(23) පස්වරු 6.00 සිටයි.

පොලීසිය සඳහන් කළේ, පවතින අධික වැසි සමග උඩුදුම්බර කහටගොල්ල ප්‍රදේශයෙන් පස්කඳු හා ගල් කඩා වැටීමේ අවධානමක් හේතුවෙන් එලෙස මාර්ගය වසා දැමුණු බවයි.

මේ අතර අද(24) දිනයේත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකියි.

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර මඩකලපුව මාතලේ සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ අණාවැකියේ සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදා සහන

ගංවතුරෙන් පිඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් 04ක් යොදවා තිබෙනවා. අනුරාධපුර පදවිය, බුද්ධංගල, මහකනදරාව අලුත්පාරගම ප්‍රදේශ වෙතත්, අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල...

පළාත් පාලන ඡන්ද විමසීමේ පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පළාත් පාලන ඡන්ද විමසීම පිලිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස...

ගල්කිස්සේ වෙඩි තැබීමට ගිනිඅවිය දුන් අය අත්අඩංගුවට

ගල්කිස්ස සරණපාල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවිය ලබාදුන් සැකකරුවෙකු බද්දේගම ප්‍රදේශයේදී ඊයේ (23) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ...

POPULAR ARTICLES

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදා සහන

ගංවතුරෙන් පිඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් 04ක් යොදවා තිබෙනවා. අනුරාධපුර පදවිය, බුද්ධංගල, මහකනදරාව අලුත්පාරගම ප්‍රදේශ වෙතත්, අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල...

පළාත් පාලන ඡන්ද විමසීමේ පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පළාත් පාලන ඡන්ද විමසීම පිලිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස...

තාත්තගේ වාර්තාව බිඳපු පුතා

එංගලන්ත ලයන්ස් කණ්ඩායම (එංගලන්ත ඒ) වෙනුවෙන් ශතකයක් රැස්කළ ළාබාලතම පිතිකරුවා බවට පත්වීමට රොකී ෆ්ලින්ටොෆ්ට ඊයේ (23) හැකිව තිබෙනවා. එංගලන්තයෙන් බිහිවූ හිටපු විශිෂ්ට තුන්ඉරියව් ක්‍රීඩකයෙකුවන ඇන්ඩෘෘ...