දසවැනි පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්රී අරවින්ද සෙනරත් මහතා පත්කර තිබෙනවා.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රැස්වූ අවස්ථාවේ ඔහු එහි සභාපතිත්වයට තෝරා පත්කර ගෙන ඇති බවයි.