24 C
Colombo
Saturday, January 25, 2025

පළාත් පාලන ඡන්ද විමසීමේ පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ

- Advertisement -

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පළාත් පාලන ඡන්ද විමසීම පිලිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම් අද (24) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ වුණා.

යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණා.

අද දින පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් අවසන් කෙරුණු අතර වැඩිදුර විභාගය ලබන සඳුදා දක්වා කල් තැබුණා.

එදින පෙත්සම් සම්බන්ධයෙන් නීතිපතිවරයා කරුණු දැක්වීමටද නියමිතයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් මහතා ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කළා.

පෙත්සම්කරුවන් සඳහන් කර සිටින්නේ කල්දමා තිබෙන පලාත් පාලන ඡන්ද විමසීම සඳහා බාරදුන් නාමයෝජනා පත්‍ර අවලංගු කොට අලුතින් නාමයෝජනා භාර ගැනීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.

මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ගල්කිස්ස වෙඩි තැබීමට අදාළ සැකකරු අත්අඩංගුවට‍

ගල්කිස්ස ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුව අද (24) බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, සැකකරුට ඝාතනය සඳහා රුපියල්...

අල්ලසක් ගත් පොලිස් නිලධාරියෙක් මාට්ටු

රුපියල් 20,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගිරිබාව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලස පැමිණිල්ලකට අදාළව අදාළ පොලිස්...

තරග පාවාදීමේ සිද්ධියකට සම්බන්ධ ඉන්දියන් ජාතිකයෙක් රටින් පලා ගිහින්

පසුගිය වසරේ මහනුවර පල්ලේකැලේ පැවැති ලෙජනඩ් ට්‍රොෆි ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමට යෝජනා කළ බව කියන කණ්ඩායමක හිමිකරුවෙකු රටින් පළා ගොස් ඇතැයි කරුණු අනාවරණය වී...

POPULAR ARTICLES