30 C
Colombo
Sunday, January 26, 2025

ගල්කිස්ස වෙඩි තැබීමට අදාළ සැකකරු අත්අඩංගුවට‍

- Advertisement -

ගල්කිස්ස ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුව අද (24) බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ, සැකකරුට ඝාතනය සඳහා රුපියල් ලක්ෂ 15ක මුදලක් පොරොන්දු වූවද ඉන් රුපියල් ලක්ෂ 2ක පමණ මුදලක් ලබාදී ඇති බවයි.

ගල්කිස්ස සිරිපාල පාරේ දුම්රිය මාර්ගය ආසන්නයේදී පසුගිය ඉරිදා 24 හැවිරිදි ෂවිඳු විජේරත්න නම් තරුණයෙකු වෙඩි තබා ඝාතනය කළා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකළ අතර එය අසල වූ ආරක්ෂක කැමරාවකද සටහන් වී තිබුණා.

ඝාතනය සිදුකර විනාඩි 15ක් පමණ කාලයක් තුළදී පොලිසිය විසින් වෙඩිකරු බවට පවසමින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

වැඩිදුරටත් සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ සැකකරු යතුරුපැදිය ධාවනය කළ පුද්ගලයා බවයි.

අනතුරුව බස්නාහිර පළාත දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් මත අදාළ සිද්ධිය පිළිබඳ විමර්ශන බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් ආරම්භ කළා.

ඒ අනුව අදාළ ඝාතනය මෙහෙය වූ පුද්ගලයෙකුව ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, බඩෝවිට අසංක නම් අපරාධකරුගේ සමීපතමයෙක් වන සැන්ඩෝ නැමැත්තාගේ උපදෙස් මත මෙම ඝාතනය සිදුකළ බවයි.

වෙඩික්කරුවන් දෙදෙනාට නවාතැන් පහසුකම් ලබාදීම වෙනුවෙන් සැකකරුට රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ලබාදී ඇති බවත් ඉන් රුපියල් 50,000ක් පමණක් වැය කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

ඔහු වෙඩික්කරුවන් දෙදෙනාට යතුරුපැදිය හා ගිනි අවියද ලබාදී ඇති අතර ඝාතනයට ඔවුන් දෙදෙනාව රැගෙන යන අයුරු සීසීටීවී කැමරාවකද සටහන් වී තිබුණා.  

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව විමර්ශන නිලධාරීන් අද පස්වරුවේ බියගම ප්‍රදේශයේදී අදාළ ඝාතනය සිදුකළ වෙඩික්කරුව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු යුද හමුදාවෙන් පලා ආ අයෙක් වන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක්.

වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය මද දුරක් යෑමේදී නැවතීම හේතුවෙන් තමන් එහි පැදිකරු පසුපසට දමා එය ධාවනය කළ බවත් අතර මගදී ඔහුව පොලිසියට හසුවීමෙන් අනතුරුව තමා පළා ගිය බවත් වෙඩික්කරු පවසා තිබෙනවා.

වැඩිදුරටත් පොලිසිය හමුවේ පවසා ඇත්තේ තමන් පසුව බියගම ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන්ගෙන සිටි බවයි.

RECENT ARTICLES - SINHALA

ධීවරයින්ට සුබ ආරංචියක්

ධීවරයින් සඳහා රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට කටයුතු කරන බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා. ඒ සදහා මේ වන විටත් රක්ෂණ සමාගමක් එකගතාවය පළකර...

ගංවතුරට හසුවී දෙදෙනෙක් අතුරුදන්

වාලච්චේන, පුලිපංචිකල් ප්‍රදේශයේදී ගංවතුරට හසුවී පුද්ගලයින් දෙදෙනෙකු ගසාගෙන ගොස් අතුරුදන්වී තිබෙනවා. ඊයේ (25) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසනවා. එලෙස අතුරුදහන්වී ඇත්තේ...

ෆයිල් සඟවාගෙන සිටි නීති නිලධාරිනියක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

‍වංචා සහ දූෂණ සම්බන්ධයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ දී සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ආණ්ඩුව කිසිදු බලපෑමක් සිදු නොකරන...

POPULAR ARTICLES