28 C
Colombo
Monday, January 27, 2025

Breaking: යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

- Advertisement -

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පැවසුවා.

2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට වැටෙන වැරදි යෝෂිත රාජපක්ෂ විසින් සිදුකර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට නීතිපතිවරයා විසින් දන්වා සිටීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

ඒ අනුව යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය පනත ප්‍රකාරව ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.

කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතා පසුගිය ජනවාරි 3වනදා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණා.

RECENT ARTICLES - SINHALA

සුනඛයෙක් අමානුෂිකව ඝාතනය කළ කන්තාවක් අත්අඩංගුවට

මාන්කුලම් ප්‍රදේශයේ දී සුනඛයෙකු ගෙල සිරකර අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග...

ආනයනය කළ පළමු ලුණු තොගය දිවයිනට

ඉන්දියාවෙන් ආනයනය කළ මෙට්‍රික් ටොන් 1,485ක පළමු ලුණු තොගය අද (27)  දිවයිනට ගෙනවිත් තිබෙනවා. සාමාන්‍ය පරිභෝජනය සඳහා මෙරටට ලුණු ආනයනය කිරීමට තීරණය කර තිබුණේ වසර...

Breaking : පළාත් පාලන ඡන්දය ගැන රහසිගත තීන්දුව කතානායකට

පලාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම් විභාගය අවසන්. රහසිගත...

POPULAR ARTICLES