25 C
Colombo
Sunday, March 16, 2025

සංගීත ප්‍රසංගවල කාලසීමාව ගැන සාකච්ඡාවක්

- Advertisement -

රාත්‍රී කාලයේ පවත්වනු ලබන සංගීත සංදර්ශන සහ සංගීත ප්‍රසංගවල කාලසීමාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ, මෙම සංගීත ප්‍රසංග නැවැත්වීමට හෝ එහි කාලය සම්බන්ධයෙන් රජය තීරණයක් ගෙන නොමැති අතර අධිකරණ තීන්දුවලට අනුව පමණක් කටයුතු කරන බවයි.

අද (25) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවා.

2005/38 දරණ අධිකරණ තීන්දුව මගින් මහජනතාව පීඩාවට පත්වන ආකාරයේ සංගීත ප්‍රසංග පැවැත්වීම පිළිබඳව තීන්දුවක් ලබා දී ඇති බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

එම තීන්දුවට අනුව 2007 /2008  පොලිස් චක්‍රෙල්ඛ නිකුත් කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා 2010 වසරේදී එය සංශෝධනයට ලක් කර ඇති බවයි පවසන්නේ.

සංචාරක ක්ෂේත්‍රයක කිසිදු ආකාරයක බලපෑමක් සිදු නොවන ආකාරයෙන් මෙම සංශෝධන සිදුකළ යුතුව ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා රජය මෙරටට සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා වැඩසටහන් රැසක් දියත් කර ඇති බවද සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ඉදිරියේදී තවත් රටවලට නොමිලේ වීසා පහසුකම

තවත් රටවල් කිහිපයක විදෙස් පුරවැසියන්ට ඉදිරියේදී මෙරටට ඇතුළුවීම සඳහා නොමිලේ වීසා පහසුකම් ලබාදෙන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ද (15) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්...

බටලන්ද අපරාධවලට සම්බන්ධ අය කල් නොමරා අත්අඩංගුවට ගන්න – පුබුදු ජයගොඩ

බටලන්ද වධකාගාරයේ තුළ සිදුවූ අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගත යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසනවා. අද (15) අනුරාධපුර...

මුදල් වංචාවකට ගොවිජන සංවර්ධන නිලධාරිනියක් අත්අඩංගුවට

පොහොර සහනාධාර මුදල් වංචා කළ බව කියන ගොවිජන සංවර්ධන නිලධාරිනියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර...

POPULAR ARTICLES

බටලන්ද අපරාධවලට සම්බන්ධ අය කල් නොමරා අත්අඩංගුවට ගන්න – පුබුදු ජයගොඩ

බටලන්ද වධකාගාරයේ තුළ සිදුවූ අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගත යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසනවා. අද (15) අනුරාධපුර...

පළමු අඟහරු මෙහෙයුම ලබන වසරේදී – ඊලෝන් මස්ක්

ලබන වසරේ අවසාන කාලයේදී සිය Starship රොකට්ටුව අඟහරු වෙත ගමන් කිරීම සඳහා සූදානම් වනු ඇති බව SpaceXහි නිර්මාතෘ , ව්‍යවසායක එලොන් මස්ක් පවසා තිබෙනවා. ඒ,...