වාලච්චේන, පුලිපංචිකල් ප්රදේශයේදී ගංවතුරට හසුවී පුද්ගලයින් දෙදෙනෙකු ගසාගෙන ගොස් අතුරුදන්වී තිබෙනවා.
ඊයේ (25) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසනවා.
එලෙස අතුරුදහන්වී ඇත්තේ අවුරුදු 52 හා 71 වයස්වල පසු වන සන්දිවේලි ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
මෙම පුද්ගලයින් දෙදෙනා එළවළු රැගෙන ඒම සඳහා වගා භූමියට ගොස් නැවත පැමිණෙමින් සිටියදී පුලිපංචිකල්ඔයේ ගංවතුරෙහි සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
අතුරුදහන් වූ පුද්ගලයින් දෙදෙනා සොයා වාලච්චේන පොලීසිය විමර්ශන සිදුකරනු ලබනවා.