23 C
Colombo
Tuesday, January 28, 2025

දිවයින පුරා ප්‍රධාන ජලාශ 46ක් තවදුරටත් වාන් දමයි

- Advertisement -

දිවයින පුරා ඇද හැළුණු අධික වැසි හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව ඇති ප්‍රධාන ජලාශ 73න් 46ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතරින් අම්පාර දිස්ත්‍රික්කයේ ජලාශ 9න් 7ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශ 10න් 7ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ ජලාශ 7න් 5ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ ජලාශ 4න් 2ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජලාශ 10න් 3ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ ජලාශ 2න් එක් ජලාශයක් ද වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පැවසුවා.

මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ ජලාශ තුනම ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 10න් 5ක්, මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 3න් 2ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 4න් 3ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජලාශ 5න් 2ක්, වව්නියාව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 4න් එක් ජලාශයක් ද වශයෙන් මුළු ජලාශ 46ක් තවදුරටත් වාන් දමමින් බවතින බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා.

මීට අමතරව මධ්‍ය පරිමාණ ජලාශ 40කට ආසන්න ප්‍රමාණයක්ද වාන් දමමින් පවතින බව පැවසූ එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව ගබඩා කළ හැකි මුළු ජල ධාරිතාවෙන් 92%කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ගබඩා කරගත හැකිව ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

කූඨ හාල් වෙළෙඳුන් අල්ලන්න රෑටත් මෙහෙයුමක්

වැඩි මිලට සහල් විකුණන වෙළඳුන් අත්අඩංගුවට ගැනීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියට රාත්‍රී කාලයේ වැටලීම් කරන ලෙසට දැනුම් දුන් බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය...

වැසි තත්ත්වයේ වැඩිවීමක්

අද සිට ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා...

යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු වර්ජනයක

යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල ආචාර්යවරුන් දේශන වර්ජනයකට එක්ව සිටින බවයි වාර්තාවන්නේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය...

POPULAR ARTICLES