25 C
Colombo
Wednesday, January 29, 2025

ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්

- Advertisement -

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්  කර තිබෙනවා.

එයින් දැනුම් දී ඇත්තේ, කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා සැලකිලිමත් වන ලෙසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට (27) දින පස්වරු 01.30 වන තෙක් වලංගු වන පරිදී මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව, කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව සඳහන් වනවා.

මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

3000 අල්ලසක් ගත් PC රිමාන්ඩ්

රුපියල් 3000 ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන මතුගම මූලස්ථාන පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් ලබන 11 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ...

මහින්ද මහත්තයගේ අගේ තේරෙන දවසකුත් එයි – නාමල්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ ජනතාවට ඉමහත් සේවයක් කර ඇති බවත් ඔහුගේ අගය මෙතෙක් බොහෝ අයට තේරී නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ආර්ථික පරිවර්තන පනත සංශෝධන සහිතව ක්‍රියාත්මක කරනවා – ජනපති

ආර්ථික පරිවර්තන පනත සංශෝධන සහිතව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (28) පස්වරුවේ...

POPULAR ARTICLES

යෝෂිත රාජපක්ෂ ජාතකය

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස ඊයේ...