26 C
Colombo
Thursday, January 30, 2025

යෝෂිත රාජපක්ෂට තවත් නඩුවක්

- Advertisement -

වසර දහයකට ආසන්න කාලයක් නාවික හමුදාවේ සේවය කර ලුතිනන්වරයකු ලෙස වැඩ තහනමට ලක් වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ රුපියල් කෝටි ගණනින් අයථා වත්කම් රැස් කිරීම සම්බන්ධයෙන් තවත් නඩුවක් ඉදිරියේ දී ගොනු කරන බව නීතිපතිවරයා කරුණු දක්වමින් අද (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා පවසන්නේ, 2006 නාවික හමුදාවට බැඳී 2016 වැඩ තහනමට ලක් යෝෂිත රාජපක්ෂ 2013 වසරේ දී රුපියල් ලක්ෂ 500ක ඉඩමක් මිලදී ගැනීම, CSN නාළිකාව පවත්වාගෙන යමින් මුදල් රැස් කිරීම ඇතුළු තවත් විමර්ශන ගණනාවක් රහස් පොලිසිය සිදුකරන බවයි.

ඊට අදාළ නඩු නුදුරේදීම අධිකරණයට ගොනු කිරීමට කටයුතු සම්පාදනය කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයේ දී සඳහන් කළා.

රත්මලාන ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 340 කට අධික වටිනාකමින් යුත් ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබූ නඩුව අද (27) කැඳවූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් කෙරුණා.

අද කැඳවූ මෙම නඩුවට අදාළව සැකකාර යෝෂිත රාජපක්ෂව රුපියල් ලක්ෂ 500ක ශරීර ඇප දෙකක් මත මුදාහැරුණු අතර, විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ මාවෙයි සේනාධිරාජා අද (29) අභාවප්‍රාප්ත වී තිබෙනවා. යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති...

අර්චුනාට ඇප

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා. රියදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා...

යෝෂිත ළඟ ගිනි අවි හතක් තිබිලා

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සන්තකයේ තිබූ ගිනි අවි හතෙන් ගිනි අවි පහක් මේ වනවිට ආරක්ෂක අමාත්‍යංශය බාරයට ගෙන ඇති...

POPULAR ARTICLES