24 C
Colombo
Thursday, January 30, 2025

මහින්දගේ දේහය සංරක්ෂණය කරන්න – හිටපු නියෝජ්‍ය කතානයක

- Advertisement -

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් රටට සිදු වූ කාර්යය නොසලකා හරිමින් ඔහුගේ ආරක්ෂාව පවා ඉවත් කර ඔහුව සාමාන්‍ය පුරවැසියෙක් බවට පත් කර ඇති බව හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පවසනවා.

ඊයේ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මහින්ද රාජපක්ෂ මහතා තිස් අවුරුදු යුද්ධයකින් රට බේරා ගත් බවත් දැන් ඔහුට ආරක්ෂාව ලබාදීම රජයේ යුතුකමක් බව‍යි.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයා රටට වටින නායකයෙක් බවත් ඔහු මියැදුනත් එතුමාගේ මෘත දේහය මතු උපදින අනාගතයේ සෑම අයෙකුටම දැක බලා ගැනීමට හැකි දේහයක් ලෙස රටේ තිබිය යුතු බවත් අජිත් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් රාජපක්ෂ මහතා :

“එතුමාගෙ ආරක්ෂාව ගැන අපි හැමෝම අවධානෙන් ඉන්න ඕනේ, ඒකට හේතුව ලෝකයේ තිබිච්ච දරුණතම ගරිල්ලා සටන තමයි එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය කියන්නේ. එතකොට මේ වගේ සංවිධානයකට මුහුණ දෙන්න සාමාන්‍යයෙන් පුළුවන්කමක් කෙනෙක්ගෙ හිතට එන්නෙත් ඉතාමත් අමාරුවෙන්. තමන්ගේ දරු පවුල ගැන, ඒ අයගේ ළඟ ඉන්න නෑයොන්ගේ ආරක්ෂාව ගැන හිතුවෙ නැහැ. තමන් රටේ රාජ්‍ය නායකයා හැටියට ඒ වෙලාවේ මේ රටේ පුරවැසියන්ට රට බේරලා දෙන්න අවශ්‍ය නායකත්වය දුන්නා.

මේ වගේ යුද්ධ වලින් දිනාගත්ත ලෝකයේ නායකයන් අපි දන්නවා. අදටත් ලෙනින් සහ හෝර්චුමින්ගේ ගත්තොත් අදත් මරණ දෙක රටේ පුරවැසියන්ට බලන්න තියලා තියෙනවා. අනාගතේ උපදින්න ඉන්න පුරවැසියන්ටත් ඒ මරණයට ගරු කරන්න ඒ අවස්ථාව හදලා තියෙනවා. එතකොට එ රටවල්වල නායකයෝ එදා තීන්දු කළා මේ ලෙනින් හෝර්චුමින් වැනි නායකයෝ අනාගතේටත් රටට වටිනවා, ඒ නිසා වියදම කොච්චර උනත් ඒ අයගේ දේහයට අවසන් ගෞරවය දක්වන්න මතු උපදින හැමෝටම අවස්ථාව දෙන්න ඕනේ කියලා..ඉතින් හරියට නම් මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව කියන එක රජයේ යුතුකමක්.. ඒ වගේම එතුමා කවදකහරි අපේ රටෙන් මියැදුනත් එතුමාගේ මරණය මතු උපදින අනාගතයේ හැමෝටම බලන්න පුළුවන් දේහයක් විදිහට මේ රටේ තියෙන්න ඕනේ. ඒ තරම් වටින නායකයෙක්. ඒක කාටවත් බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා අද අපට පේන්නේ මේ සියල්ලම ඉතාමත් සුළු සිද්ධීන් හැටියට දාලා ආරක්ෂාව අයින් කරලා දාලා, නිකන් සාමාන්‍ය පුරවැසියෙක් බවට පත් කරලා එතුමා රට වෙනුවෙන් කරපු කාර්‍යයවත් කිසි වගකීමක් නැති කිසි වටිනාකමක් නැති තැනට ඇදලා දාන්න තමයි මේ කටයුතු කරලා තියෙන්නේ”

RECENT ARTICLES - SINHALA

අද සිට ලැබෙන වන්දි

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන...

විපක්ෂ නායක හමුවු විපක්ෂය

පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ජනතාවගේ හඬ වැඩි වැඩියෙන් නියෝජනය කරමින් ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් රැස්ව...

පරණ ෆයිල් අදින එක දැන් ක්‍රීඩාවක් වෙලා – විමල්

පරීක්ෂා කිරීමකින් තොරව පසුගිය දා රේගුවෙන් නිදහස් කළ කන්ටේනර් තුන්සිය විසි තුන ආණ්ඩුකාරවරයකුට අයිති බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. මෙම කන්ටේනර් රතු ලැයිස්තුවට...

POPULAR ARTICLES