28.1 C
Colombo
Thursday, January 30, 2025

OIC ලා තුන්දෙනෙක්ට ඇප හිමිවූ අපූරු නඩුවක්

- Advertisement -

වීරකැටිය පොලිස් ස්ථානාධිපති නුවන් බුද්ධික විජේතුංග ඇතුළු පොලිස් නිලධාරීන් හතර දෙනකු රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 වැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මාතර මහාධිකරණය අද නියෝග කර තිබෙනවා.

එලෙස ඇප නියම වී ඇත්තේ, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන එකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දු ජයවික්‍රම , මාලිම්බඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත විජේසේකර සහ පොලිස් කොස්තාපල් සමන් ජයවර්ධන යන නිලධාරීන්ටයි.

මාතර තෙලිජ්ජවිල පොලිසියේ සේවය කිරීමේදී දිල්ෂාන් මධුසංඛ නම් තරුණයකු අත්අඩංගුවට ගෙන දින හයකට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය කළ විමර්ශනයකින් පසු නීතිපතිවරයා මෙම නිලධාරීන්ට අධිචෝදනා ගොනු කර තිබුණා.

කෙසේවෙතත් නඩු විභාගය වැඩිදුර කැඳවීම පෙබරවාරි මස 27 වැනි දිනට කල් තබා තිබෙනවා.

කෙසේවෙතත් ඇප නියමවීමෙන් අනතුරුව අදාළ පොලිස් නිලධාරීන් සිවුදෙනා යළිත් සුපුරුදු පොලිස් ස්ථානවලම රාජකාරියෙහි යෙදීම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

ජෙරොම්ගේ විදෙස් ගමන් ඉල්ලීමට අධිකරණයෙන් නියෝගයක්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප මත මුදා හැර ඇති දේවගැති ෆාස්ටර් ජෙරොම් ප්‍රනාන්දුගේ විදේශ ගමන් තහනම තාවකාලික ඉවත් කරන ලෙස ඔහු...

නිදහස් දින සැමරුම් උළෙල ගැන විශේෂ දැනුම්දීමක්

77 වන නිදහස් දින සැමරම් උත්සවය ⁣පෙරවාරි 04 වන දින නිදහස් චතුරස්‍රය පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. "ජාතික පුනරුදයට පෙළගැසෙමු"යන...

හැංගුන වත්කම් හොයන්න UN සහය

රජය බලාපොරොත්තු වන සැඟවුණු වත්කම් සොයා ගැනීමේ කාර්යය සඳහා සහයෝගය ලබාදීමට තම ආයතන සූදානම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. එහි නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘෘ ෆ්‍රන්චේ...

POPULAR ARTICLES