28 C
Colombo
Monday, February 17, 2025

ළමා අපයෝජන ගැන පැමිණිලි 321ක්

- Advertisement -

ළමුන් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් 2024 වර්ෂයේ දී පැමිණිලි 321ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.

2024 වර්ෂයේ ජනවාරි මස පළමුවනදා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා කාලය තුළ ලිංගික අතවර කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි 580ක් ලැබී ඇති බවයි එම අධිකාරිය පවසන්නේ.

එම කාලය තුළ ළමුන් සම්බන්ධයෙන් සමස්ත පැමිණිලි 8,746ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී තිබෙනවා.

ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වන 2,746ක් ලැබී ඇත්තේ ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධ පැමිණිලි බව සඳහන්.

ළමුන් කෘරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 1,950ක් ලැබී ඇති අතර යාචකයින් ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 229ක් ලැබී තිබෙනවා.

ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි 42ක් ලැබී ඇති අතර ලිංගික ක්‍රියාවන් සඳහා ළමුන් යොමුකිරීම සම්බන්ධයෙන් පැමිණිලි 25ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළා.

මේ අතර ළමා විවාහ සම්බන්ධයෙන් පැමිණිලි 14ක් පසුගිය වර්ෂය තුළ වාර්තා වී ඇති අතර නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කිරීම පිළිබඳ පැමිණිලි 151ක් ලැබී තිබෙනවා.

ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ, 2024 වර්ෂය තුළ සියදිවි නසා ගැනීමට උත්සහ කිරීම සම්බන්ධ පැමිණිලි 18ක් ලැබී ඇති අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම පිළිබඳ පැමිණිලි 120ක් ලැබී තිබෙන බවයි.

බාලවයස්කාර ගැබ් ගැනීම් සම්බන්ධ පැමිණිලි 53ක් පසුගිය වර්ෂය තුළ ලැබී ඇති අතර උප්පැන්න සහතික නොමැති ළමුන් පිළිබඳ පැමිණිලි 39ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

රජයේ සේවකයින්ගේ පඩි වැඩි වෙන හැටි

2025 අයවැය යෝජනා අනුව රජයේ සේවකයෙකුගේ අවම මූලික වැටුප රුපියල් 15,750කින් ඉහළ නැංවෙනවා. එය මුලික වැටුපට එක් කෙරෙන්නේ 2027 වසර දක්වා අදියර තුනක් යටතේයි. ඒ අනුව...

පුංචි ඡන්ද පනතට කථානායකගේ අනුමැතිය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (17) සිය සහතිකය සටහන් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි...

Breaking: පුංචි ඡන්ද පනත සම්මතයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 187ක්...

POPULAR ARTICLES