25 C
Colombo
Wednesday, February 19, 2025

ඊ ටිකට්පත් සම්බන්ධ අක්‍රමිකතාවලට CIDයෙන් විමර්ශනයක්

- Advertisement -

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලය ඔස්සේ ටිකට්පත් නිකුත් කිරීමේ දී සිදු වී ඇති අක්‍රමිකතාවලට ඇතැම් නිලධාරීන්ගේ සම්බන්ධයක් පවතින බවට සැක කළ හැකි තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (28) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්  දී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත මෙම විමර්ශනය සිදුකරන බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම ටිකට් පත් වංචාව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණු අතර ඒ යටතේ සැකකරුවන් හතර දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී  මහත්මියට දැනුම් දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පැය 24ම ඇරලා තියෙන පාස්පෝට් කන්තෝරුව

ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අද සිට පැය 24 පුරා විවෘත කර, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරිීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය...

ජාතික ජන බලවේගය අද කොමිසමට

ජාතික ජන බලවේගය පක්ෂ නායකයින් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතව තිබෙනවා. පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පිරිසක් ඒ සඳහා එක්වීමට නියමිත බව...

හරක් කටාට CIDයෙන් පැනයාමට සහාය වු කොස්තාපල් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් 'හරක් කටා'ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවෙන් පැනයාමට ආධාර අනුබල දුන් පොලිස් කොස්තාපල්වරයා ඇතුළු තවත් සිව්දෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට...

POPULAR ARTICLES

චමරි WPL තරගාවලියෙන් ඉවතට

මේ වනවිට ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු තරගාවලියේ අවසන් අදියරට පෙර ඉන් ඉවත්වීමට නියමිතයි. ඒ ශ්‍රී...

පැය 24ම ඇරලා තියෙන පාස්පෝට් කන්තෝරුව

ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අද සිට පැය 24 පුරා විවෘත කර, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරිීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය...

ශූරයින්ගේ සටන අද

2025 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (19) ආරම්භ වනවා ඒ, පකිස්ථානයේ සහ එක්සත් අරාබි එමීර්හි සත්කාරකත්වයෙන්. ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 9 වැනි වරටයි. මෙවර තරගාවලිය...