25 C
Colombo
Wednesday, February 19, 2025

සංශෝධිත විදුලි ගාස්තු සහනය ගැන සාකච්ඡාවක්

- Advertisement -

සංශෝධිත විදුලි ගාස්තුවේ සහනය ජනතාවට නිසිලෙස ලැබෙන්නේ ද යන්න පිළිබඳ සොයාබැලීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් එළඹෙන 31වන දා පැවැත්වීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසමේ ආයතනික සන්නිවේදන අධක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ, එම සාකච්ඡාව සඳහා ලංකා වාණිජ මණ්ඩලය, වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය, ශ්‍රී ලංකා හෝටල්කරුවන්ගේ සංගමය, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය, ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය සහ ඒකාබද්ධ ඇගලුම් සංගම් සංසඳය කැඳවා ඇති බවයි.

පසුගිය 17වනදා මධ්‍යම රාත්‍රී සිට ඉදිරි මාස 6 ක කාලයක් සඳහා විදුලි ගාස්තුව සමස්ථයක් ලෙස 20% කින් අඩු කිරීමට පියවර ගනු ලැබුවා.

ඒ අනුව 0-30ත් අතර ගෘහස්ථ කාණ්ඩය යටතේ පැවැති ඒකක ගාස්තුව රුපියල් 6 සිට 4 දක්වාත් 31-60ත් අතර පැවැති ඒකක ගාස්තුව රුපියල් 9 සිට 6ක් දක්වාත් අඩු කිරීමට පියවර ගෙන තිබුණා.

එමෙන්ම ගෘහස්ථ අංශය සඳහා 20%කින් විදුලි ගාස්තු අඩු වු අතර ආගමික සිද්ධස්ථාන හා පුණ්‍යාතන සඳහා 21%කින් විදුලි ගාස්තු අඩු කෙරුණු අතර හෝටල් සඳහා 31%කින් ද කර්මාන්ත කාණ්ඩය සඳහා 30%කින්ද විදුලි ගාස්තු අඩු කළ අතර පොදුකාර්ය කාණ්ඩය සඳහා විදුලි ගාස්තු 12%කින් අඩු කරනු ලැබුවා.

රාජ්‍ය ආයතන සහ වීථි ලාම්පු සඳහා 11%කින්ද ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව පියවර ගනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

පැය 24ම ඇරලා තියෙන පාස්පෝට් කන්තෝරුව

ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අද සිට පැය 24 පුරා විවෘත කර, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරිීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය...

ජාතික ජන බලවේගය අද කොමිසමට

ජාතික ජන බලවේගය පක්ෂ නායකයින් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතව තිබෙනවා. පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පිරිසක් ඒ සඳහා එක්වීමට නියමිත බව...

හරක් කටාට CIDයෙන් පැනයාමට සහාය වු කොස්තාපල් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් 'හරක් කටා'ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවෙන් පැනයාමට ආධාර අනුබල දුන් පොලිස් කොස්තාපල්වරයා ඇතුළු තවත් සිව්දෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට...

POPULAR ARTICLES

චමරි WPL තරගාවලියෙන් ඉවතට

මේ වනවිට ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු තරගාවලියේ අවසන් අදියරට පෙර ඉන් ඉවත්වීමට නියමිතයි. ඒ ශ්‍රී...

පැය 24ම ඇරලා තියෙන පාස්පෝට් කන්තෝරුව

ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අද සිට පැය 24 පුරා විවෘත කර, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරිීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය...

ශූරයින්ගේ සටන අද

2025 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (19) ආරම්භ වනවා ඒ, පකිස්ථානයේ සහ එක්සත් අරාබි එමීර්හි සත්කාරකත්වයෙන්. ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 9 වැනි වරටයි. මෙවර තරගාවලිය...