25 C
Colombo
Wednesday, February 19, 2025

ආර්ථික පරිවර්තන පනත සංශෝධන සහිතව ක්‍රියාත්මක කරනවා – ජනපති

- Advertisement -

ආර්ථික පරිවර්තන පනත සංශෝධන සහිතව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (28) පස්වරුවේ කොළඹ පැවති “ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2025” අමතමින්.

එමෙන්ම මෙවර අයවැය මගින් ග්‍රාමීය ජනතාව උදෙසා ප්‍රජාවන් ඒකාබද්ධ කරගනු ලැබූ නව ආර්ථික ඒකකයන් නිර්මාණය කිරීමටද රජයේ අවධානය යොමු කර ඇති බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

එහිදී, රජයේ ප්‍රධාන ඉලක්කය ග්‍රාමීය ජනතාව උදෙසා නව ආර්ථික ප්‍රභවයන් නිර්මාණය කිරීම බවත්, ජාත්‍යන්තර අරමුදලේ නිර්ණායක මත වුවද සැළකිය යුතු මුදල් ප්‍රමාණයක් ඒ සඳහා යෙදවීමේ හැකියාවක් පවතින බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

මීට අමතරව මිලියන 2.5ක සංචාරකයින් සංඛ්‍යාවක් මෙම වසර තුල මෙරටට පැමිණෙනු ඇති බවට විශ්වාස කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.


 

RECENT ARTICLES - SINHALA

පැය 24ම ඇරලා තියෙන පාස්පෝට් කන්තෝරුව

ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අද සිට පැය 24 පුරා විවෘත කර, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරිීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය...

ජාතික ජන බලවේගය අද කොමිසමට

ජාතික ජන බලවේගය පක්ෂ නායකයින් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතව තිබෙනවා. පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පිරිසක් ඒ සඳහා එක්වීමට නියමිත බව...

හරක් කටාට CIDයෙන් පැනයාමට සහාය වු කොස්තාපල් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් 'හරක් කටා'ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවෙන් පැනයාමට ආධාර අනුබල දුන් පොලිස් කොස්තාපල්වරයා ඇතුළු තවත් සිව්දෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට...

POPULAR ARTICLES

චමරි WPL තරගාවලියෙන් ඉවතට

මේ වනවිට ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු තරගාවලියේ අවසන් අදියරට පෙර ඉන් ඉවත්වීමට නියමිතයි. ඒ ශ්‍රී...

පැය 24ම ඇරලා තියෙන පාස්පෝට් කන්තෝරුව

ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අද සිට පැය 24 පුරා විවෘත කර, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරිීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය...

ශූරයින්ගේ සටන අද

2025 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (19) ආරම්භ වනවා ඒ, පකිස්ථානයේ සහ එක්සත් අරාබි එමීර්හි සත්කාරකත්වයෙන්. ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 9 වැනි වරටයි. මෙවර තරගාවලිය...