32 C
Colombo
Wednesday, February 19, 2025

අද සිට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

- Advertisement -

77 වැනි නිදහස් දින සමරුම් පෙරහුරු හේතුවෙන් කොළඹ නිදහස් චත්‍රරශ්‍රය ආශ්‍රිතව අද(29) සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා.

පොලීසිය සඳහන් කළේ, අද(29) සිට ලබන 02 වැනිදා දක්වා සහ නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වෙන ලබන 04 වැනිදා උදෑසන 6.00 සිට දහවල් 12.00 දක්වා එම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව නිදහස් සමරු උත්සවයේ පෙරහුරු පුහුණුවීම් කටයුතු ඉහත සඳහන් කරන ලද දිනයන්හි පාසැල් පැමිණෙන ළමුන්ට බාධාවක් සිදුනොවන අයුරින් පෙරවරු 08.00 සිට පහත සඳහන් පරිදි රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය දැනුම් දී තිබෙනවා.

මාර්ග වසා තැබීම / රථවාහන ගමනාගමනය සීමා කිරීම්

A. බෞද්ධාලෝක මාවත, ටොරින්ටන් හන්දියෙන් ප්‍රේමකීර්ති ද අල්විස් මාවත දෙසට ඇතුල් වීම.

B. ආර්.එෆ්.පී. හන්දියෙන් රාජ්‍ය පරිපාලන දෙසට ඇතුල් වීම.

C. විජේරාම විද්‍යා මාවත හන්දියෙන් විද්‍යා මාවත දෙසට ඇතුල් වීම.

D.ආර්.ජී. සේනානායක මාවත, මෙට්ලන්ඩ් චන්ද්‍රවංක හන්දියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුල් වීම.

E. නිදහස් මාවත නිදහස් වටරවුමෙන් මෙට්ලන්ඩ් චන්ද්‍රවංකය දෙසට ඇතුල් වීම.

F. ස්ටැන්ලි විජේසුන්දර මාවත, පදනම් මාවත හන්දියෙන් නිදහස් මාවත දෙසට ඇතුල් වීම.

G. නිදහස් වටරවුමෙන් නිදහස් චතුරස්‍රය දෙසට ඇතුල් වීම.

H. පුස්තකාල වටරවුමෙන් හෝර්ටන් වටරවුමට ඇතුල් වීම (සීමා කිරීම)

I. නිදහස් පදනම හන්දියෙන් නිදහස් මාවතට පිවිසීම.

ගමනාගමනය සීමා කර හෝ මාර්ග වසා ඇති ප්‍රදේශ මඟ හැර පහත පරිදි කොළඹට ඇතුල් විය හැකියි.

01.නන්දා මෝටර්ස් දෙස සිට පැමිණෙන රථවාහන නිදහස් වටරවුමෙන් දකුණට හැරී පිලිප් ගුණවර්ධන මාවත ඔස්සේ ස්ටැන්ලි විජේසුන්දර මාවතින් බෞද්ධාලෝක මාවතට ඇතුල් විය හැකිය.

02.බෞද්ධාලෝක මාවතින්, හෝර්ටන් වටරවුම දෙසට පැමිණෙන වාහන සඳහා විජේරාම මාවත ඔස්සේ ගමන් කර හෝර්ටන් විජේරාම ඔස්සේ හෝර්ටන් පෙදෙස දෙසට ගමන් කල හැකිය.

03.විජේරාම මාවත ඔස්සේ විද්‍යා විජේරාම හන්දියෙන්, තුම්මුල්ල දෙසට ගමන් කරන රථවාහන සඳහා විද්‍යා විජේරාම හන්දිය ඔස්සේ බුලර්ස් විජේරාම දෙසට පැමිණ කනත්ත දෙසට සහ තුම්මුල්ල දෙසට ගමන් කල හැකිය.

රථ ගාල් පිහිටි ස්ථාන,

රූපවාහිනී සංස්ථාව අසල රථගාල (සැහැල්ලු වාහන 250)

BMICH අංක 02 දොරටුව ඇතුලත රථගාල (සැහැල්ලු වාහන 350) › CR & FC රථගාල (සැහැල්ලු වාහන 250)

BMICH අංක 04 දොරටුව ඇතුලත රථගාල (සැහැල්ලු වාහන 550)

BMICH අංක 03 දොරටුව ඇතුලත රථ ගාල (සැහැල්ලු වාහන 150)

නිදහස් මාවත ආකේඩ් රථ ගාල (සැහැල්ලු වාහන 30)

ප්‍රේමකීර්ති ද අල්විස් මාවත රථගාල (සැහැල්ලු වාහන 30)

ITI රථගාල (සැහැල්ලු වාහන 75)

නෙළුම් පොකුණ රඟහල රථගාල (බස් රථ 75)

➔ සරණ පාර BMICH භූමිය අවට මාර්ගය (සැහැල්ලු වාහන 230 / බස් රථ 75) ඉහත මාර්ග වසා තබන හා ගමනාගමනය සීමා කරන අවස්ථාවන් වලදී එම ප්‍රදේශවල පදිංචිකරුවන්ට රථවාහන නිලධාරීන්ගේ උපදෙස් මත ගමන් කල හැකිය.

පෙරහුරු රාජකාරි හා නිදහස් දින උත්සවය අවසන් වීමත් සමඟ රථවාහන ගමනාගමනය සඳහා ඉහත මාර්ග විවෘත කිරීමේ කටයුතු කෙරෙනු ඇත.

මෙම රථවාහන දළ සැලැස්ම පහතින්,

RECENT ARTICLES - SINHALA

රුසියන් කතට මරු කැඳවූ සෙල්ෆිය

දුම්රියේ ගමන් කරන අතරතුර සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ විදෙස් ජාතික කාන්තාවක් දුම්රියෙන් ඇදවැටී මියගොස් තිබෙනවා. අද (19) උදෑසන එම අනතුර සිදුව තිබුණේ බදුල්ල...

අපි අල්ලපු සැකකාරයෝ පෙන්නන්න කට්ටිය එවන්න – පොලීසිය

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ  ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර තිබූ අපරාධ සඳහා අවශ්‍ය කරනු ලබන සැකකරුවන් සිව්දෙනෙකු මෙරටට රැගෙන ඒමේ අවස්ථාව ආවරණය කිරීම...

මිද්දෙණියේ වෙඩිතැබීමේ තවත් තොරතුරු රැසක් එළියට

මිද්දෙණිය, කඩේවත්ත හන්දිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ, අරුණ විදානගමගේ නොහොත් "කජ්ජා" නැමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයෙක්. වෙඩි වැදී මිය ගිය පුද්ගලයා අපරාධ රැසකට...

POPULAR ARTICLES

රුසියන් කතට මරු කැඳවූ සෙල්ෆිය

දුම්රියේ ගමන් කරන අතරතුර සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ විදෙස් ජාතික කාන්තාවක් දුම්රියෙන් ඇදවැටී මියගොස් තිබෙනවා. අද (19) උදෑසන එම අනතුර සිදුව තිබුණේ බදුල්ල...

අපි අල්ලපු සැකකාරයෝ පෙන්නන්න කට්ටිය එවන්න – පොලීසිය

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ  ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර තිබූ අපරාධ සඳහා අවශ්‍ය කරනු ලබන සැකකරුවන් සිව්දෙනෙකු මෙරටට රැගෙන ඒමේ අවස්ථාව ආවරණය කිරීම...

කොහෙද බූරුවෝ ඉන්නේ – මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ දී සිදුවූ වෙඩිතැබීමට සම්බන්ධ පුද්ගලයින් මේ වනවිට හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා. ඔහු...