පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන සඳහා යොමුකර සිටි රක්ෂිත බන්ධනාගාර රැඳවියන් පිරිසක් ඊයේ මධ්‍යම රාත්‍රියේ පැනයාමට උත්සාහ කොට තිබෙනවා. ඒහිදි බෝගම්බර බන්ධනාගාරයේ ආරක්ෂක අංශ විසින් සිදු කළ වෙඩිතැබීමකදි එක් රැදවියෙකු මියගොස් තවත් රැඳවියකු බරපතළ තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කෙරුණා. පළායමින් සිටි තවත් රැදවියන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා ප්‍රකාශ කළා.
මෙම රැඳවියන් පස් දෙනාම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත කළ අය වන අතර මියගිය රැදවියා මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500 ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අයෙකු බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරන්නේ.