28.7 C
Colombo
Tuesday, April 15, 2025

බැසිල්ට මන්ත්‍රී අසුන පුදන්න කැමති මන්ත්‍රීවරු 4 මෙන්න

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පිවිසීම වෙනුවෙන් සිය මන්ත්‍රී අසුන ලබාදීමට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 04 දෙනෙකුම කැමැත්ත පළ කර තිබෙනවා.

සාගර කාරියවසම්, ජයන්ත කැටගොඩ, මර්ජාන් ෆලීල් සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර එම මන්ත්‍රිවරුන් වන බවටයි වාර්තා වන්නේ. ඔවුන් සිව්දෙනාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරුන් වනවා.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලබන 06 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇති බවටයි වාර්තා වන්නේ.

ඔහුට ආර්ථික සංවර්ධන අමාත්‍යධූරය ලබාදෙනු ඇති බවට ද වාර්තා පළ වන අතර අදාළ අමාත්‍යංශයට නාගරික සංවර්ධන අධිකාරිය හා ආයෝජන මණ්ඩලය ද එක්කරනු ඇති බවටත් වාර්තා පළ වනවා.

ඒ අනුව, ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ලෙස නව අමාත්‍යංශයක් බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පිහිටුවනු ඇති බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

ගම්පහ වෙඩි තැබීමක්

ගම්පහ ප්‍රදේශයේදී අද (15) රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසනවා. එම ප්‍රදේශයේ බස් නැවතුම්පොල අසලදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු...

පිල්ලෙයාන් මුණගැසීම ගැන මාධ්‍ය හමුවක් – ගම්මන්පිළ

මේ වන විට දින 90ක රැඳවුම් නියෝගයක් යටතේ  ප්‍රශ්න කෙරෙමින් සිටින ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග තමා හමුවීම පිළිබඳ පැහැදිලි කිරීමට හෙට (16) විශේෂ මාධ්‍ය...

පුංචි ඡන්දය ගැන ප්‍රකාශයක්

පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු මේ වන විට බොහෝ දුරට සාමකාමීව සිදුවන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ,...

POPULAR ARTICLES

ගම්පහ වෙඩි තැබීමක්

ගම්පහ ප්‍රදේශයේදී අද (15) රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසනවා. එම ප්‍රදේශයේ බස් නැවතුම්පොල අසලදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු...

ට්‍රම්ප්ගෙන් හාවඩ් විශ්වවිද්‍යාලයට තර්ජනයක්

ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබෙනවා. එම ප්‍රකාශය කර ඇත්තේ විශ්වවිද්‍යාලයට ලබා...