පුද්ගලික සංචාරය අවසන් කර බැසිල් රාජපක්ෂ මහතා නැවත මෙරටට පැමිණ ඇති නිසා සියලු ප්‍රශ්න විසඳෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.
අලුත්ම පක්ෂයක් ආරම්භ කර ඉතා කෙටි කලකින් මැතිවරණ ජයග්‍රහණ කරා එම පක්ෂ රැගෙන යාමට සමත් වූ බැසිල් රාජපක්ෂ මහතාට පක්ෂයේ ගැටලු පමණක් නොව රටේම ගැටලු විසඳිය හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් පසු රටේ ස්වර්ණමය යුගයක් ඇතිවන බවත්, එය දරාගත නොහැකි විපක්ෂය බැසිල් රාජපක්ෂ මහතාට සහ පොදුජන පෙරමුණට විවිධ මඩ ප්‍රහාර එල්ල කරමින් සිටින බවත්, පියල් නිශාන්ත මහතා සඳහන් කරනවා.
බැසිල් රාජපක්ෂ මහතා ලබන 06 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට සූදානමින් සිටින බව පසුගිය දිනවලදී වාර්තා වී තිබූ නමුත් පොදුජන පෙරමුණ හෝ ආණ්ඩුව එම පුවත මෙතෙක් තහවුරු කර නොමැත.