ශ්‍රී ලංකා ධජය රැගත් නෞකාවක් ඕමාන් හි මස්කට් නගරය ආසන්න මුහුදේ ගිලෙමින් පවතින බව Oman observer වෙබ් අඩවිය වාර්තා කරනවා. මෙම පුවත මස්කට් මුහුදු ආරක්ෂක මධ්‍යස්ථානයද (Maritime Security Centre) සනාත කර තිබෙනවා. මෙයට හේතුව තාක්ෂණික දෝෂයක් බවයි සඳහන් වන්නේ.
මෙම නෞකාවේ පුද්ගලයන් 6 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සිට තිබෙනවා.
මෙම වාර්ථාවෙන් පසු එරට මුහුදු ආරක්ෂක මධ්‍යස්ථානය (Maritime Security Centre) මේ පිළිබඳව දෙරට අතර ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් ගැනීම සදහා කටයුතු කිරීමට සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මේ සදහා එම මධ්‍යස්ථානයේ ආරක්ෂක අංශය සහ සිවිල් නිළධාරීන් පිරිසක් සහභාගී වී තිබුණා.