ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කලක් තිස්සේ පවතින ණය සහ පොළිය ගෙවීමට පමණක් රුපියල් මිලියන 20,000 ක මුදලක් 2025 අයවැයෙන් වෙන් කර තිබෙනවා.
ඊයේ (17) අයවැය කතාව ඉදිරිපත් කරමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ දෛනික මෙහෙයුම් සදහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා නොදෙන බවයි.
“ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ප්‍රමුඛතම සේවාවක් ඉටු කරනවා. තවද, පසුගිය රජයන් රාජ්‍ය අයිතිය ඉවත් කර පුද්ගලික ආයෝජන ආකර්‌ෂණය කර ගැනීමට ගත් උත්සාහයන් ද අසාර්ථක වුනා.
මේ අනුව, රජය එම බැංකු සමඟ ගිවිසුමක් අත්සන් කර 2025 වසරේදී ණය ආපසු ගෙවීම සඳහා මිලියන 10,000 ක් මෙන්ම පොලී ගෙවීමට රුපියල් මිලියන 10,000 ක් වැය කිරීමට නියමිතය. කලක් තිස්සේ පවතින මෙම ණය සේවා පිරිවැය රජය විසින් පියවා ගත් පසු මෙහෙයුම් ලාභදායිත්වය සහතික කිරීම සඳහා ගුවන් සමාගම සම්පූර්ණ වගකීම දරනු ඇත. මේ සඳහා සමාගම විසින් නව මධ්‍ය කාලීන උපාය මාර්ගික සැලැස්මක් සකස් කරමින් සිටී. ඒ අනුව මේ සඳහා රුපියල් මිලියන 20,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.”