27.3 C
Colombo
Saturday, April 12, 2025

ගණේමුල්ල සංජීව ඝාතනයට සැකපිට පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

- Advertisement -

ගණේමුල්ල සංජීවට වෙඩි තැබිමේ සිද්ධියට සම්බන්ධව මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකු ද කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව අපරාධ අංශයේ උසාවි රාජකාරි කරනු ලබන මෙම සැකකරු වයස අවුරුදු 25ක් වන පාදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

ඔහු ගණේමුල්ල සංජීවට වෙඩි තැබිමේ සිද්ධියට අදාළව දැනට සැඟව සිටින සැකකාරියක් වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ යන අය සමග දුරකථනය ඔස්සේ සංවාදයක යෙදී ඇති බවට විමර්ශන නිලධාරීන් කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

මූලික ප්‍රකාශ සටහන්කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් නිලධාරියා මේ වනවිට ඉදිරි විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අවුරුද්දට ගමේ යන්න අදත් විශේෂ ප්‍රවාහන සේවා

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ මගී ප්‍රවාහන සේවා අද (12) දිනයේද ක්‍රියාත්මකයි. ඒ අනුව, මහනුවර, පුත්තලම, දඹුල්ල හා ගාල්ල...

ප්‍රදේශ රැසකට අද තද වැසි

අද (12) උදෑසන කාලයේදී  බස්නාහිර සහ දකුණු පළාත්වලත්  පුත්තලම, යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම...

මේ ආණ්ඩුව රනිල්ගේ මයිල් ගහක්වත් හොලවන්නේ නැහැ – චාමර සම්පත්

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මයිල් ගහකටවත් හානියක් සිදු නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

POPULAR ARTICLES