29.1 C
Colombo
Sunday, March 30, 2025

ප්‍රවීණ කවියෙකු අභාවප්‍රාප්ත වෙයි

- Advertisement -

ප්‍රවීණ කවියෙකු වූ උපුල් සේනාධිරිගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඔහු 65 වන වියේ පසු වුණා.

කාව්‍ය කෘති ගණනාවක් රචනා කරමින් කාව්‍ය කෘති පළ කිරීම මෙන්ම මකරන්ද කාව්‍ය සාමූහිකයේ සාමාජිකයෙකු ලෙසද ඔහු ප්‍රකටව සිටියා.

උපුල් සේනාධිරිගේ මහතාට වයස අවුරුදු 45 දී රෝගී තත්වයකින් දෑස් පෙනීම අහිමි වී තිබුණා.

ඔහුගේ කාව්‍ය රැසක් පළ වී ඇත්තේ එම සිදුවීමෙන් පසුව වීම විශේෂත්වයක්.

2013 දී පළ කරන ලද “මෙ මල් කළඹම නුඹ සතු” ඔහුගේ කාව්‍ය සංග්‍රහයක් ද වනවා.

2024 දී “ඉඳුදුන්න නැමුණු තැන” නම් වූ ඔහුගේ කාව්‍ය කෘතියට විදර්ශන සාහිත්‍ය ත්‍යාගයද හිමි වුණා.

උපුල් සේනාධිරිගේ මහතාගේ සමුගැනීමේ ශෝකය සිහිපත් කරමින් ලේඛකයන් සහ කවියන් කිහිපදෙනෙකු සමාජ මාධ්‍ය සටහන් පළ කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

කතරගම ගෙදරට අනුරගෙන් රතුඑළියක්

කතරගම ගෙදර නඩුවත් ඉතා ඉක්මනින් වැටෙනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ බෙලිඅත්තේ ප්‍රෙද්ශයේ ෙ පැවති ජන රැළියක්...

කාන්තා අපේක්ෂිකාවන්ට වන හිංසන වළකන්න වැඩපිළිවෙළක්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත්ව සිටින කාන්තා අපේක්ෂිකාවන්ට වන හිංසන වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි...

දේපළ බදු හා කුලියට දීමේ මුද්දර ගාස්තුව ඉහළට

යම් දේපළක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුව සියයට සියයකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. අප්‍රේල් මස පළමු වන දින සිට...

POPULAR ARTICLES

කතරගම ගෙදරට අනුරගෙන් රතුඑළියක්

කතරගම ගෙදර නඩුවත් ඉතා ඉක්මනින් වැටෙනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ බෙලිඅත්තේ ප්‍රෙද්ශයේ ෙ පැවති ජන රැළියක්...

රනිල් සර් ගැන කියමින් දොඩම්පහළ අඬාවැටෙයි (වීඩියෝ)

රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති දානමය පින්කමකදී දොඩම්පහළ රාහුල හිමියන් කළ ප්‍රකාශයක් පිළිබඳව පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුව තිබුණා. එහිදී...