32 C
Colombo
Wednesday, April 2, 2025

සංජීව ඝාතනයේ තවත් සැකකරුවන් තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්නකිරීමට අවසර

- Advertisement -

ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද තවත් සැකකරුවන් තිදෙනෙකු රැඳවුම් නියෝග මත පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලද එම සැකකරුවන් තිදෙනා අද දහවල් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා හමුවට පමුණුවනු ලැබුවා.

ගණේමුල්ල සංජීව ඝාතනය සිදුකළ වෙඩික්කරු ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු සහ ගිනිඅවිය ලබාදීම සම්බන්ධයෙන් අනිත් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

මොවුන් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බවත් පොලීසිය දැනුම් දී සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට පොලීසියට අවසර දුන් අතර එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් නියෝග කළා.


RECENT ARTICLES - SINHALA

ප්‍රතික්ෂේප කළ නාමයෝජනා ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්

පළාත් පාලන මැතිවරණය සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා අතරින් උපැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා. අභියාචනාධිකරණයේ...

හාල් ආනයනය තවදුරටත්

පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබෙනවා. අස්වැන්න නෙලන තත්ත්වයක්...

කච්චතිව් ගන්න තමිල්නාඩු ප්‍රධාන ඇමතිගෙන් යෝජනාවක්

තමිල්නාඩු ධීවරයින්ගේ සම්ප්‍රදායික ධීවර අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාමාර්ග හේතුවෙන් ඔවුන් මුහුණදෙන අභියෝග සමනය කිරීම සඳහා ගත හැකි එකම ස්ථිර විසඳුම...

POPULAR ARTICLES

වසර 56කට පසු ජාත්‍යන්තර තරගාවලියක් ලංකාවට

025 ආසියානු වයස අවුරුදු 22න් පහළ සහ යොවුන් බොක්සිං ශූරතාවලිය මැයි 12 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, මෙම තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ...

ප්‍රතික්ෂේප කළ නාමයෝජනා ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්

පළාත් පාලන මැතිවරණය සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා අතරින් උපැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා. අභියාචනාධිකරණයේ...

බැට්මෑන්ට රඟපෑ සුපිරි හොලිවුඩ් නළුවා සමුගනී

සුපිරි හොලිවුඩ් නළුවෙකු වන Val Kilmer අභාවප්‍රාප්ත වී තිබෙනවා. නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් ඔහු මිය යන විට 65 හැවිරිදි වියේ පසු වුණා. 1959 දෙසැම්බර් 31 වන දින...