29.3 C
Colombo
Tuesday, April 8, 2025

හැංඟුණු දේශබන්දු සෙවීමට පොලිස් කණ්ඩායමක්

- Advertisement -

මෙරට 36 වන පොලිස්පතිවරයා වන දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අද (28) පෙරවරුවේ ඔහුගේ නිවසට ගොස් ඇතත් මේ වන විට එම නිවසෙන් ඔහු පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා තෙන්නකෝන් මහතා සිටිය හැකි යැයි විශ්වාස කළ හැකි ස්ථාන කිහිපයක් පරික්ෂා කිරීමට තවත් පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනවා.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට නියෝගයක් නිකුත් කරනු ලැබූවා.

ඒ 2023 දෙසැම්බර් 31 වනදා මාතර – වැලිගම – පැලෑන ප්‍රදේශයේ W 15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිදුවීමට අදාළවයි.

RECENT ARTICLES - SINHALA

කෝටි 10ක් වංචා කළ හිටපු කොස්තාපල්වරයෙක් රිමාන්ඩ්

විදේශයෙන් ආනයනය කර රේගුවේ නිස්කාශනය නොකර නවතා තබා ඇති සුඛෝපභෝගී වාහනවල ඡායාරූප පෙන්වා රුපියල් කෝටි දහයකට අධික මුදලක්  වංචා කළේ යැයි කියන ජනාධිපති ආරක්ෂක...

පනත ගේන්න අත උස්සපු මට දැම්මා නඩු -චාමර

අල්ලස් දූෂණ පනත ගේන්න ඡන්ද දීපු කෙනෙකු ලෙස‍ෙ පළවෙනියට නඩු තුනක් දමා තිබෙන්නේ තමාට බව පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා පවසනවා. ඔහු මේ බව...

Breaking: දේශබන්දු ඉවත් කරන්න කමිටුවක් පත් කිරීමේ යෝජනාව සම්මතයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.  එම යෝජනාව ජාතික ජන බලවේගයේ...

POPULAR ARTICLES