28.8 C
Colombo
Saturday, April 5, 2025

කොළඹ නගර සභාවට අයිති පාකින් ඒරියා නීතියට පිටින් විකුණලා

- Advertisement -

කොළඹ මහ නගර සභා කාර්ය මණ්ඩලය සඳහා වාහන නැවැත්වීම සඳහා වෙන් කර ඇති ස්ථාන  නීති විරෝධී ලෙස පෞද්ගලික පාර්ශවයන්ට විකුණා ඇති බව පසුගියදා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරන ලද විගණන වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගියද පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්ව තිබූ අතර එහිදී මෙම කරුණු හෙළි වී තිබුණා.

එම ස්ථාන මින් පෙරදී නගර සභා කාර්ය මණ්ඩලයේ වාහන නැවැත්වීම සඳහා වෙන් කර ඇති අතර නිවැරදි කළමණාකරණයකින් තොරව නීති විරෝධී ගනුදෙනු මඟින්  පසුව ඒවා බාහිර පාර්ශවයන්ට ලබා දී ඇති බවත් මෙහිදී අවධානයට ලක්ව තිබෙනවා.

එමෙන්ම, පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන්ට අයත් වාහන නැවැත්වීමේ අංගනවලින් රුපියල් මිලියන 580 ක හිඟ මුදලක් අයවිය යුතු බවද මෙහිදී අනාවරණය වී ඇති බව වාර්තා වෙනවා.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කොළඹ මහ නගර සභාවේ බලධාරීන් පවසා ඇත්තේ අදාළ හිඟ මුදල් අය කර ගැනීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර එම ගෙවීම් පැහැර හරින කොන්ත්‍රාත්කරුවන් නැවත ටෙන්ඩර් කැඳවීමේදී පිළිනොගන්නා බවයි.

මෙහිදී අදාළ වාහන නැවැත්වීමේ අංග නීති විරෝධී ලෙස විකිණීම සම්බන්ධයෙන් වගකිව යුතු අය පිළිබඳව විමර්ශනය කරන ලෙසටත්, කොළඹ මහ නගර සභාවට අයත් දේපළ නැවත ලබා ගැනීම සඳහා නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙසටත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව නගර සභා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

“දේශපාලන පළිගැනීම් කතාවලට අල්ලස් කොමිසම ගාවගන්න එපා”

වත්මන් ආණ්ඩුව තුළ සිටින ඇතැම් ඉහල නිලධාරීන්ට එරෙහිව ඉතා ඉක්මනින් නඩු පවරන බව අල්ලස්ස දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසනවා. එම කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්, හිටපු මහාධිකරණ...

ඉන්දියානු නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹට

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (04) දින දිවයිනට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික...

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත් සහ කුරුණෑගල, වව්නියාව සහ...

POPULAR ARTICLES