26.8 C
Colombo
Sunday, April 6, 2025

මාරාන්තික උපත් ආබාධ සහිත කළල ඉවත් කිරීමට අවසර ලබාදෙන නීති රාමුවක්?

- Advertisement -

වෛද්‍ය ප්‍රතිකාරවලින් සුව කළ නොහැකි  මාරාන්තික උපත් ආබාධ ඇති අවස්ථාවන්හිදී එම කළල ඉවත් කර, ගර්භණීභාවය නිමා කිරීම පිළිබඳව තීරණය කිරීමේ අයිතිය කාන්තාවන්ට ලබා දීම සඳහා නීතිමය රාමුවක් සකස් කරමින් සිටින බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පවසනවා.

‘Ceylon Today’ වාර්තා කළේ ලෝක උපත් ආබාධ වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී ඊයේ (03) පැවැත්වුණු සාකච්ඡාවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා මේ බව සඳහන් කළ බවයි.

මෙම යෝජිත නීති රාමුව යටතේ, මාරන්තික උපත් ආබාධ සහිත කළලයක් දරා සිටින ගර්භනී කාන්තාවකට සති 40 ක ගර්භනී කාලය අවසන් වීමට පෙර එම කළලය ඉවත් කිරීම සම්බන්ධයෙන්  තීරණය කිරීමට නීතිමය සහාය ලැබෙනු ඇති බවද කපිල ජයරත්න මහතා මෙහිදී පවසා සිටියා.

වෛද්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ, ගර්භණී සමයේදී මාරාන්තික උපත් ආබාධ සහිත කළලයක් පිළිසිඳගෙන ඇති බව අනාවරණය වූ විට මෙන්ම එය මවට සහ නූපන් දරුවාට දැඩි බලපෑමක් ඇති කරන අවස්ථාවලදී එවැනි ගැබ් ගැනීම් අවසන් කිරීමට එකඟතාවය පළ කරන කාන්තාවන්ට යෝජිත නීති මඟින් ගර්භණීභාවය නිමා කිරීමට ඉඩ සැලසෙන බවයි.

ඇතැම් අවස්ථාවලදී මාරාන්තික උපත් ආබාධ ඇති ළදරුවන් උපතින් පසු පැය කිහිපයක් පමණක් ජීවත් වන බවත්, එවැනි බිළිඳුන් සඳහා දැඩි සත්කාර ඒකකයේ අවකාශය ලබා දීමට සිදුවන අතර එවැනි අවස්ථාවලදී දිවි ගලවා ගැනීමේ අවස්ථාවක් ඇති තවත් බිළිඳෙකුට අවශ්‍ය සම්පත් ඇහිරී යාමක් සිදුවිය හැකි බවත් විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා තවදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

අගමැති මෝදි 96 ලෝක ශූරයින් හමුවෙයි 

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 1996 වසරේ ලෝක කුසලානය දිනාගත් ඉතිහාසගත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් අද (05) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව තිබෙනවා. ඒ පිළිබඳව සිය...

දඹුල්ල කෘෂි ගබඩාවේ නම වෙනස් කළාට හර්ෂ පුදුමයෙන්

පශ්චාත් අස්වනු නාස්තිය අවම කිරීමේ අරමුණින් ඉදි කෙරුණු දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව අද (05) විවෘත කෙරුණා. ඒ,  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනපති අනුර...

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...

POPULAR ARTICLES