28.2 C
Colombo
Wednesday, April 9, 2025

රක්ෂිතයක් හාරලා;හිටපු ආණ්ඩුකාරවරයෙකුට චෝදනා

- Advertisement -

ඌව පළාතේ හිටපු ආණ්ඩුකාරවරයකු ඇතුළු දේශපාලනඥයන් පිරිසකගේ අනුග්‍රහය යටතේ ජාවාරම්කරුවන් පිරිසක් හල්දුම්මුල්ල බෝගහ පැලැස්ස රක්ෂිතයේ කරගෙන ගොස් ඇති වගා ව්‍යාපෘතියක් තාවකාලිකව අත්හිට වූ බව විදුලිබල හා බලශක්තිය අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

එසේම මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස විදුලි බල මණ්ඩලයට නියෝග කර ඇතැයි ද ඔහු සඳහන් කළා.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී දිනිඳු සමන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මන්ත්‍රී දිනිඳු සමන් මහතා.

හල්දුම්මුල්ල මහ ලන්ද බෝගහ පැලැස්ස රක්ෂිතයට අයත් භූමියේ මේක වනජීවී රක්ෂිත භූමියක් අක්කර දාහකට අධික ප්‍රමාණයක් තියෙනවා. ජාවාරම්කාරයන් පිරිසක් අනවසරයෙන් වගා කරලා තියෙනවා. මේ ජාවාරම සඳහා හිටපු ඌව පළාත් ආණ්ඩුකාරවරයෙක් ඒ ආණ්ඩුකාරවරයා ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයා විදියට විදුලි බල මණ්ඩලයට ලිපියක් යවලා බලපෑම් කරලා තියෙනවා. ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න අදාළ කටයුතු සිද්ධ කරලා තියෙනවා. විදුලි බල මණ්ඩලය මේ රක්ෂිතය හරහා විදුලිය ලබාදෙන්න විශාල මුදලක් වැය කරලා තියෙනවා.අනවසර ජාවාරම්කාරයන්ට විදුලිය දෙන්න පසුගිය රජය කටයුතු කරලා තිබුණා. අලින් යන අලිමංකඩ හරහා තමයි මේ වගාව සිද්ධ කරලා තියෙන්නේ. අක්කර දහස් ගණනක්. ඒ සතුන්ට කන්න තියෙන තණ භූමි ටික තමයි මේ අත්පත් කරගෙන තියෙන්නේ. මේක ඇතුලේ රජයේ නිලධාරීන් ඉඳලා තියෙනවා දේශපාලනඥයන් ඉඳලා තියෙනවා තියෙනවා. විවිධ පරිපාලන නිලධාරීන් ඉඳලා ව්‍යාපාරිකයන් ඉඳලා තියෙනවා. මේ සියලු දෙනා එකතු වෙලා තමයි මේ ජාවාරම කරලා තියෙන්නේ. විදුලිබල මණ්ඩලය මෙය අනීතික ව්‍යාපෘතියට වැය කරපු මුදල අය කරගන්න කටයුතු කරනවාද.සමහර ගොවිසංවිධානත් මේකට උදව් කරලා තිබුණා තිබුණා.

RECENT ARTICLES - SINHALA

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කරන්න රනිල් අපිට සල්ලි දුන්නා – ජගත් විතාන

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කළ යුතුය යන කොන්දේසිය මත එවකට මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා මැතිවරණයට  සිරිකොතින් මුදල් ලබා දුන්...

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව 6 ශ්‍රේණියට ඇතුළත් වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ අභියාචනා ඉදිරිපත් කිරීම 2025.04.09...

ගුවන්තොටුපොළ අලුත්වැඩියාව ගැන අනාවරණයක්

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියට අදාළව සිදුවූ රුපියල් මිලියන 344.5ක ආර්ථික නොවන පාඩුවක් පිළිබඳව කෝප් කමිටුවේදී අනාවරණ වී තිබෙනවා. මගී ධාරිතාව මිලියන 6 සිට 12...

POPULAR ARTICLES

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කරන්න රනිල් අපිට සල්ලි දුන්නා – ජගත් විතාන

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කළ යුතුය යන කොන්දේසිය මත එවකට මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා මැතිවරණයට  සිරිකොතින් මුදල් ලබා දුන්...

කෙහෙළිය CID යට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම...

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව 6 ශ්‍රේණියට ඇතුළත් වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ අභියාචනා ඉදිරිපත් කිරීම 2025.04.09...