පාසල් සංවර්ධන සමිති විසින් අය කරන ගාස්තු ඉහළ නැංවීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය අනුමැතිය ලබා දී ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.
එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කොළඹ ඊයේ (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළේ කොළඹ ප්‍රධාන පාසලක එම ගාස්තුව රුපියල් 1000කින් හෝ 1500 කින් ඉහළ දැමීමට අනුමැතිය ලබා දී ඇති බවයි.