පසුගිය කාලයේ විවිධ බලපෑම් මත වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් භූමි ප්‍රදේශ නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පරිසර අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ, සංවර්ධන ,ඉදිකිරීම් හා කෘෂීකාර්මික ව්‍යාපෘතිය බව පවසමින් එම ඉඩම් නිදහස් කර ඇති බවයි.
පාරිසරික වංශයෙන් සංවේදී ප්‍රදේශ පවා ඒ අතර වන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
නීත්‍යනුකූල ක්‍රමවේදවලින් බැහැරව එම ඉඩම් නිදහස් කිරීම්වලට එරෙහිව දැඩිව පියවර ගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.