මාතර පොල්හේන ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල හා ක්‍රීඩාංගණය ඉදිකිරීම ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු මාසයක් ඇතුළත නිම කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ (13) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සමඟ පැවැත්වුණා.
මෙම අවස්ථාවට යෝජිත ඉඩමෙහි භාරකාරත්වය හිමිව ඇති අමරපුර ධර්‍මරක්ෂිත නිකායේ අතිගරු මහානායක ධූර තැන්පත් අති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මාහිමියන්ද,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ශම්මි ද සිල්වා මහතා, සනත් ජයසූරිය මහතා සහ සුජීව ගොඩලියද්ද මහතාද,මාතර ක්‍රීඩා සමාජයේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සහ මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලදාරීන් රැසක් සහභාගී වී තිබුණා.
එමෙන්ම. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වෙන්කර තිබියදීත් මෙතෙක් අළුත්වැඩියා නොකළ සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරය ඉක්මනින් අළුත්වැඩියාව ආරම්භ කිරීමටත් මෙහිදී තීරණය කර තිබෙනවා.