බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙනවා.
සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී බිමල් රත්නායක මහතා පවසා සිටියේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් සිදුකරන බවයි.
මෙම බටලන්ද වාර්තාව ගැන කටයුතු කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවද එහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසා සිටියා.
ඒ අනුව මෙම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු කිරීම සඳහා උපදෙස් යෝජනා කිරීමටත් ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමටත් තීරණය කර තිබුණා.
සුදුසු අවස්ථාවක මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දින 2ක විවාදයක් පැවැත්වීමටත් පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
Related

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන ඉරිදා (16) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභානායක බිමල් රත්නායක මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහිදී බිමල් රත්නායක මහතා පවසා සිටියේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් සිදුකරන බවයි. මෙම බටලන්ද වාර්තාව ගැන කටයුතු…

Al Jazeera රූපවාහිනී සංවාදයේදී Frances Harrison හිටපු BBC මාධ්‍යවේදිනිය විසින් ඉදිරිපත් කළ බටලන්ද කොමිෂන් සභා වාර්තාව, අන්තර්ජාලයට මුදා හරිමින් ඇය X සටහනක් තබා තිබෙනවා. අදාළ සංවාදයේදී Al Jazeera මාධ්‍යවේදියා විසින් මෙම වාර්තාව උපුටා දක්වමින් ප්‍රශ්න කිරීමේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එවැනි වාර්තාවක් නොපවතින බවට දැඩිව ප්‍රකාශ කළා. එවිට Frances Harrison…

බටලන්ද වාර්තාව ඔස්සේ මෙන්ම තවත් සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් රජය නව පරීක්ෂණයක් ආරම්භ කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා. පසුගියදා අල් ජසීරා නාලිකාව පැවති සම්මුඛ සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මහතාගෙන් බටලන්ද වාර්තාව පිළිබඳව සෘජු ප්‍රශ්න කිරීමට් සිදු කළ අතර එහිදී හිටපු…