26 C
Colombo
Sunday, March 16, 2025

අද සවස තද වැසි

- Advertisement -

අද (15) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා.

එම දෙපාර්තුමේන්තුව දැනුම් දෙන්නේ, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවට සඳහන් කරනවා .

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

රනිල් ලංකාව පාවා දුන්නේ නැහැ – නාමල්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අපට දේශපාලන වශයෙන් කුමන මතවාද තිබුණද ඔහු ජාත්‍යන්තර මාධ්‍ය වෙත ගොස් ශ්‍රී ලංකාව නැමැති රාජ්‍යය පාවා නොදීම ගැන...

මැතිවරණ කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ දැනුම්දීමක්

රජ්‍ය සහ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අයත් දේපළ පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ දී අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සහ නිලධාරීන්, සේවකයන්...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබඳව  අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කය...

POPULAR ARTICLES

රනිල් ලංකාව පාවා දුන්නේ නැහැ – නාමල්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අපට දේශපාලන වශයෙන් කුමන මතවාද තිබුණද ඔහු ජාත්‍යන්තර මාධ්‍ය වෙත ගොස් ශ්‍රී ලංකාව නැමැති රාජ්‍යය පාවා නොදීම ගැන...

උතුරු මැසිඩෝනියාවේ ගින්නකින් 59ක් මරුට

උතුරු මැසඩෝනියාවේ රාත්‍රි සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 59 කට අධික පිරිසක් මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ගින්නෙන් 118 දෙනෙකු තුවාල ලබා...

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 19 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව එහිදී රුපියල් මිලියන 143,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට...