26 C
Colombo
Sunday, March 16, 2025

මධ්‍යම අධිවේගයේ මාරක රිය අනතුරක්

- Advertisement -

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඊයේ (14) අලුයම් කාලයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම දෙස සිට කුරුණෑගල දෙසට නාගලගමුව ප්‍රදේශයේ ධාවනය වූ ලොරි රථයක් කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් මාර්ගයේ වම්පසින් නවතා ලොරි රථය පරීක්ෂා කරන අවස්ථාවේ එම දිසාවටම ධාවනය වූ ෆීර්ෂ ලොරි රථයක් නවතා තිබූ ලොරි රථයේ ගැටී මෙම අනතුර සිදුව තිබුණා.

අනතුරින් ෆීෂර් ලොරි රථයේ ගමන් කළ රියදුරු සහ රිය සහායක තුවාල ලබා රෝහල්ගත කිරීමට මාර්ගයේ ගමන් කළ වෙනත් වාහනයක රියදුරුවරයෙකු සහායට පැමිණ තුවාල ලැබූ රෝගීන් එසේ රැගෙන යාමට සුදානමින් සිටින අතරතුර එම දිසාවටම ධාවනය වූ කන්ටේනර් රථයක් ෆීෂර් ලොරි රථයේ නැවත ගැටී තිබෙනවා.

එහිදී, සහායට පැමිණි රියදුරු, ෆීෂර් ලොරි රථයේ රියදුරු, රිය සහයකයා හා කාර්මික දෝෂයට ලක් වූ ලොරි රථයේ රියදුරුද බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ෆීෂර් ලොරි රථයේ රිය සහයකයා මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 38 ක් වු වඩුගොඩ, බූස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මධ්‍යම අධිවේගී මාර්ග කුරුණෑගල අනුපාලක ස්ථානය මගින් අනතුරට පත් වූ වාහන නාරම්මල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.

වයස අවුරුදු 29 ක් වන සදලංගල ප්‍රදේශයේ පදිංචි කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නාරම්මල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

RECENT ARTICLES - SINHALA

රනිල් ලංකාව පාවා දුන්නේ නැහැ – නාමල්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අපට දේශපාලන වශයෙන් කුමන මතවාද තිබුණද ඔහු ජාත්‍යන්තර මාධ්‍ය වෙත ගොස් ශ්‍රී ලංකාව නැමැති රාජ්‍යය පාවා නොදීම ගැන...

මැතිවරණ කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ දැනුම්දීමක්

රජ්‍ය සහ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අයත් දේපළ පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ දී අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සහ නිලධාරීන්, සේවකයන්...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබඳව  අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කය...

POPULAR ARTICLES

රනිල් ලංකාව පාවා දුන්නේ නැහැ – නාමල්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අපට දේශපාලන වශයෙන් කුමන මතවාද තිබුණද ඔහු ජාත්‍යන්තර මාධ්‍ය වෙත ගොස් ශ්‍රී ලංකාව නැමැති රාජ්‍යය පාවා නොදීම ගැන...

උතුරු මැසිඩෝනියාවේ ගින්නකින් 59ක් මරුට

උතුරු මැසඩෝනියාවේ රාත්‍රි සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 59 කට අධික පිරිසක් මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ගින්නෙන් 118 දෙනෙකු තුවාල ලබා...

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 19 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව එහිදී රුපියල් මිලියන 143,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට...