26 C
Colombo
Sunday, March 16, 2025

ඒ අපරාධ වාර්තාකරණය කැතයි – සරෝජා පෝල්රාජ්

- Advertisement -

අපරාධය වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය නාලිකා අවම සදාචාරයවත් ආරක්ෂා කර ගැනීමට අපොහොසත් වී ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසනවා.

මෑතකදී වාර්තා වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් ලිංගික හිංසනයකට ලක්වීමේ සිදුවීම මාධ්‍ය වාර්තා කළ ආකාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊයේ (14) පාර්ලිමේන්තුවේදී ඇය මේ බව සඳහන් කළා.

ලිංගික අපරාධයකට මුහුණ දුන් වින්දිතයගේ කට උත්තරය තවත් කාන්තාවක් විසින් හඬ කවා නැවත නැවතත් ප්‍රචාරය කිරීම තුළින් වින්දිතයා අගතියට පත්වන බවත් එමඟින් එම වින්දිත කාන්තාවගේ ධෛර්ය හා විශ්වාසය බිඳ වැටීම සිදුවන බවත් ඇය කියා සිටියා.

සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය වැඩිදුරටත් අවධාරණය කළේ, පාර්ලිමේන්තුවේ සිටින සෑම අයෙක්ම හිංසනයට ප්‍රචණ්ඩත්වයට මෙන්ම අපරාධ වාර්තාකරණයේ “කැත කමට” විරුද්ධ වන බවයි.

අනන්‍යතාවය හෙළි නොකිරීමට වග බලාගන්නා ලෙස මාධ්‍යය වෙත මඟ පෙන්වා ඇති අවස්ථාවක පවා පොලීසියට සහ අධිකරණයට ලබා දුන් සාක්ෂි මෙලෙස මුදා හැරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවද ඇය සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

රනිල් ලංකාව පාවා දුන්නේ නැහැ – නාමල්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අපට දේශපාලන වශයෙන් කුමන මතවාද තිබුණද ඔහු ජාත්‍යන්තර මාධ්‍ය වෙත ගොස් ශ්‍රී ලංකාව නැමැති රාජ්‍යය පාවා නොදීම ගැන...

මැතිවරණ කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ දැනුම්දීමක්

රජ්‍ය සහ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අයත් දේපළ පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ දී අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සහ නිලධාරීන්, සේවකයන්...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබඳව  අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කය...

POPULAR ARTICLES

රනිල් ලංකාව පාවා දුන්නේ නැහැ – නාමල්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අපට දේශපාලන වශයෙන් කුමන මතවාද තිබුණද ඔහු ජාත්‍යන්තර මාධ්‍ය වෙත ගොස් ශ්‍රී ලංකාව නැමැති රාජ්‍යය පාවා නොදීම ගැන...

උතුරු මැසිඩෝනියාවේ ගින්නකින් 59ක් මරුට

උතුරු මැසඩෝනියාවේ රාත්‍රි සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 59 කට අධික පිරිසක් මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ගින්නෙන් 118 දෙනෙකු තුවාල ලබා...

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 19 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව එහිදී රුපියල් මිලියන 143,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට...