25 C
Colombo
Monday, March 17, 2025

ඉරාන තෙල් බෙදපු මෙරට සමාගමකට සම්බාධක

- Advertisement -

ඉරාන ඛනිජ තෙල් අමාත්‍ය මෝසෙන් පක්නෙජාද්ගේ නීතිවිරෝධී ඉන්ධන වෙළඳාම ලෝකයෙන් වසන් කිරීමට සහාය ලබාදෙමින් ඉරාන තෙල් චීනය වෙත ප්‍රවාහනය කිරීමට සහාය ලබාදුන් “ෂැනන් 2” නෞකාවේ තාක්ෂණික කළමණාකරු ලෙස කටයුතු කළ මැරීන් සොලූෂන් නම් ශ්‍රී ලංකා සමාගමට එරෙහිව ඇමෙරිකාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සම්බාධක පනවා ඇතැයි මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළා.

කොළඹ ප්‍රදේශයේ පිහිටි මැරීන් සොලූෂන් පුද්ගලික සමාගමට මෙන්ම ඉරාන ඉන්ධන ප්‍රවාහනය කළ “ෂැනන් 2” නෞකාවේ ලියාපදිංචි අයිතිකරු වන මාර්ෂල් දූපත්හි ලියාපදිංචි සෙලෙස්ටීට් මැරිටයිම් සමාගමටද ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සම්බාධක පනවා තිබෙනවා.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 13846 සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ 13902 යන විධායක නියෝග යටතේ ඉරාන ඛනිජ තෙල් අමාත්‍ය මෝසෙන් පක්නෙජාද්ගේ නීතිවිරෝධී ඉන්ධන වෙළඳාම වැළැක්වීමට මෙලෙස සම්බාධක පනවා ඇතැයි ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

වර්ජනය අත්හිටුවලා

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය අද (16) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දෙදින සංකේත වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා. විෂයභාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන්...

හෝලි සමරන්න ඇමති වසන්ත ගිහින්

ශ්‍රී ලංකාවේ වාසය කරන ඉන්දියානු ජනතාව විසින් සංවිධානය කරනු ලැබූ හෝලි උත්සවය ඊයේ (15) කොළඹදී සැම‍රීම සිදුකෙරුණා. එහිදී ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු ඉන්දීය...

විජිතගේ පුද්ගලික ලේකම් ගැන දයාසිරිගෙන් අනාවරණයක්

විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතාගේ පුද්ගලික ලේකම්වරයා ස්ත්‍රීන්ට අතවර කිරීමේ චෝදනා ලද පුද්ගලයෙක් බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (15)...

POPULAR ARTICLES