24 C
Colombo
Monday, March 17, 2025

සාම්පූර් ව්‍යාපෘතියට මුල්ගල තියන්න මෝදී ලංකාවට

- Advertisement -

එළැඹෙන අප්‍රේල් මස මුල්දින කිහිපයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරට සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

අද (15) පාර්ලිමේතුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එම සංචාරයේදී දෙරට අතර නව ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පවසනවා.

එමෙන්ම, ඔහු මෙරටට පැමිණීමෙන් පසු සාම්පූර් බලාගාර ව්‍යාපෘතියට මුල්ගල තැබීමේ උත්සවයට ද සහභාගි වීමටද නියමිතයි.  

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ,

“මීට කලින් අපිට ණයක් විදිහට හම්බෙච්ච මහව ඉදලා අනුරාධපුර දුම්රිය මාර්ගය සංඥ පද්ධතිය සම්පූර්ණයෙන්ම අපිට ප්‍රධානයක් විදිහට අපිට ලබාදෙන්නේ. ඒවා ණයක් නෙවෙයි. ඉතින් අපි ඒ ඉන්දියානු ගමනෙන් ලබාගත්ත වාසි…

ඒ වගේම අපේ රටේ විවිධ ආගමික ස්ථාන සඳහා පහුගිය කාලය තුළ එකඟතාවයන්ට ආවා ඒ සඳහා සූර්‍ය බලශක්ති පද්ධති ලබාදෙන්න එය තවත් වැඩි කර ගනිමින් අපි අවබෝධතා ගිව්සුම්වලට එළැඹුනා. ඒ කටයුත්තත් තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යමින් තියෙනවා. ඒ වගේම වතුකරයේ ජනතාව සඳහා ආධාර ලාබා දෙන එක තවත් වැඩි කරමින් ඒ ‍ව්‍යාපෘති ඉදිරියට ගෙන යනවා…

ඒ රාජත්‍රාන්ත්‍රික ගමනත් එක්ක අපි විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගත්තා. අවබෝධතා ගිවිසුම් 15කට අපි අත්සන් තැබුවා. ඒ හරහා මේ 2025 අවුරුද්දේ අපේ පාසල් දරුන්ට නොමිලේ දෙන්න චීනය මැදිහත් වෙලා තියෙනවා.”

RECENT ARTICLES - SINHALA

වර්ජනය අත්හිටුවලා

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය අද (16) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දෙදින සංකේත වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා. විෂයභාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන්...

හෝලි සමරන්න ඇමති වසන්ත ගිහින්

ශ්‍රී ලංකාවේ වාසය කරන ඉන්දියානු ජනතාව විසින් සංවිධානය කරනු ලැබූ හෝලි උත්සවය ඊයේ (15) කොළඹදී සැම‍රීම සිදුකෙරුණා. එහිදී ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු ඉන්දීය...

විජිතගේ පුද්ගලික ලේකම් ගැන දයාසිරිගෙන් අනාවරණයක්

විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතාගේ පුද්ගලික ලේකම්වරයා ස්ත්‍රීන්ට අතවර කිරීමේ චෝදනා ලද පුද්ගලයෙක් බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (15)...

POPULAR ARTICLES