24 C
Colombo
Monday, March 17, 2025

රජයේ රෝහල්වලට ඉන්දියාවෙන් එන්නත් 50,000ක්

- Advertisement -

රජයේ රෝහල්වල භාවිතය සඳහා රුපියල් මිලියනයක් පමණ වටිනා ෆියුරොසිමයිඩ් එන්නත් පනස්දහසක් ඉන්දියාවෙන් මෙරටට පරිත්‍යාග කර තිබෙනවා.

මෙරට රෝහල්වල මතුව ඇති ෆියුරොසිමයිඩ් හිඟය අවම කරගැනීමේ අරමුණෙන් මෙම තිළිණය ලබා දුන් බව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසනවා.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් පසුගියදා (13) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වු අතර එම හමුවට සමගාමීව මෙම පරිත්‍යාගය සිදු කෙරුණා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉදිරියේ දී දියත් කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘති කිහිපයක් පිළිබදව ද මෙහිදි සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම ඉදිරියේ දී දිවයිනම ආවරණය වන පරිදි ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ වැඩසටහන සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස්වරයා සතුට පළ කර ඇති බවද වාර්තා වෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පවසා සිටියේ, වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණක් වී ඇත්තේ ගුණාත්මක තත්ත්වයෙන් උසස් ඖෂධ සාධාරණ මිලකට ජනතාවට ලබාදිම බවයි.

RECENT ARTICLES - SINHALA

වර්ජනය අත්හිටුවලා

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය අද (16) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දෙදින සංකේත වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා. විෂයභාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන්...

හෝලි සමරන්න ඇමති වසන්ත ගිහින්

ශ්‍රී ලංකාවේ වාසය කරන ඉන්දියානු ජනතාව විසින් සංවිධානය කරනු ලැබූ හෝලි උත්සවය ඊයේ (15) කොළඹදී සැම‍රීම සිදුකෙරුණා. එහිදී ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු ඉන්දීය...

විජිතගේ පුද්ගලික ලේකම් ගැන දයාසිරිගෙන් අනාවරණයක්

විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතාගේ පුද්ගලික ලේකම්වරයා ස්ත්‍රීන්ට අතවර කිරීමේ චෝදනා ලද පුද්ගලයෙක් බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (15)...

POPULAR ARTICLES