24 C
Colombo
Monday, March 17, 2025

ඉතාලියේ වෙසෙන ලාංකිකයින්ගේ රියදුරු බලපත්‍ර ගැන තීරණයක්

- Advertisement -

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට රියදුරු බලපත්‍රය ලබාදීම කඩිනමින් සිදු කිරීමට එරට රජය එකඟතාව පළ කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ඒ, දෙරට අතර ආරම්භ කර ඇති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසයි.

අයවැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් අද (15) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවෙන් නිකුත් කරන රියදුරු බලපත්‍රයේ තාක්ෂණික දෝෂ කිහිපයක් නිසා අදාළ බලපත්‍රය හඳුනා ගැනීමට ඉතාලි රාජ්‍යයට නොහැකි වී ඇති බවයි.

ඒ අනුව, මෙම ගැටලුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවත් ඉතාලි රාජ්‍යයට හඳුනා ගත හැකි පරිදි මෙරටින් රියදුරු බලපත්‍ර නිකුත් කිරීමෙන් අදාළ තාක්ෂණික දෝෂ මඟ හරවා ගෙන ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට රියදුරු බලපත්‍ර නිකුත් කළ හැකි බවත් විජිත හේරත් මහතා තවදුරටත් පවසා සිටියා.

2022 වසරේ සිට මේ දක්වා ඉතාලියේ ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රය ක්‍රියාත්මක කර නොමැති අතර එය වත්මන් ආණ්ඩුවේ වරදක් නොවන බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

ඔහු පෙන්වා දුන්නේ, හිටපු තානාපතිවරු නිසා ඇති වූ ගැටලුවක ප්‍රතිඵලයක් ලෙස ඉතාලි රියදුරු බලපත්‍ර 2022 වසරෙන් පසුව මේ වන තෙක් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට නොලැබුණු බවයි.

RECENT ARTICLES - SINHALA

වර්ජනය අත්හිටුවලා

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය අද (16) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දෙදින සංකේත වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා. විෂයභාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන්...

හෝලි සමරන්න ඇමති වසන්ත ගිහින්

ශ්‍රී ලංකාවේ වාසය කරන ඉන්දියානු ජනතාව විසින් සංවිධානය කරනු ලැබූ හෝලි උත්සවය ඊයේ (15) කොළඹදී සැම‍රීම සිදුකෙරුණා. එහිදී ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු ඉන්දීය...

විජිතගේ පුද්ගලික ලේකම් ගැන දයාසිරිගෙන් අනාවරණයක්

විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතාගේ පුද්ගලික ලේකම්වරයා ස්ත්‍රීන්ට අතවර කිරීමේ චෝදනා ලද පුද්ගලයෙක් බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (15)...

POPULAR ARTICLES